Connect with us

පුවත්

වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කිරීමට නියෝග

Published

on

කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කළේය.

පොලිස් පරීක්ෂකවරයෙකු වන සැකකරු අසනිප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කළ දැනුම්දීමට අනුව අධිකරණය මෙම පියවර ගනු ලැබීය.

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයන් 20 දෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් මස 23 වනදා පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ එවකට වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක විසිනි.

අනතුරුව අදාළ කිරි ගවයින් 20 දෙනා රජයට අයත් සත්ත්ව ගොවිපලකට භාරදෙන ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා එදිනම නියෝග කර තිබුණි.

පසුව අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබී ඇත්තේ අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවටය.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පෙළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබු අතර පොලිස්පතිවරයා එම විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට භාර දී තිබුණි.

එවැනි පසුබිමක සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පසුගියදා කටයුතු කර තිබුණත් සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරින්ට හැකිව තිබුණේ නැත.

ඒ අනුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් 11 වනදා නියෝග කළද, මේ වනවිට පුජාපිටිය පොලිසියට අනියුක්තව සේවය කරන ඔහු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැර ගොස් තිබුණි.

අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදීද සැකකාර පොලිස් පරීක්ෂකවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ  60 (1) වගන්තිය යටතේ කටයුතු කිරීමට පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.

ඒ අනුව වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණයට භාරගැනීමට නියෝග කෙරුණු අතර ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන්පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට නියෝග කර තිබේ.

එමෙන්ම වරෙන්තුකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණු අතර, අප්‍රේල් 29 වනදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිස් පරීක්ෂකවරයාට යළි නියෝග කෙරුණි.

සබැඳි පුවත්


පුවත්

607 දෙනෙකුට නීතිපතිගෙන් අධිචෝදනා!

Published

on

By

මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා ගතවූ මාස පහ තුළ නීතිපතිවරයා විසින් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ තැනැත්තන් 607 දෙනකුට අධිචෝදනා මත මහාධිකරණයේ නඩු පවරා තිබේ.

මේ නඩු අතර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලු‍ත්ගමගේ, නාමල් රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, රවි කරුණානායක, යෝෂිත රාජපක්ෂ, ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් ද වන බව වාර්තා වේ. 

Continue Reading

පුවත්

දුන්හිඳ බස් අනතුරෙන් 03ක් මියයයි

Published

on

By

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) සවස 06ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අනතුරෙන් පුද්ගලයන් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බදුල්ල දක්වා ගමන්කරමින් සිටි වන්දනාකරුවන් පිරිසකි. ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.

බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.  දෙක ආසන්නයේ බස් රථයක් පෙරලී ගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 25කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

(ඡායාරූපය : Accident1st)

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved