Connect with us

ව්‍යාපාර

චීන හා ලාංකික ව්‍යාපාරිකයන් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරයි

Published

on

චීන ව්‍යාපාරික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අත්සන් කෙරිණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකෝන්තා මහතා සහභාගි වූ අතර, චීන ෂිං පිං පළාත් ජනරජයේ නගරාධිපති ෂී චන් මාර්ගගතව එම අවස්ථාවට සහභාගි වෙමින් මෙම ව්‍යාපාරික සමුළුව අමතා සුබ පැතුම් එක්කළේය.

ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති හර්බි ද සිල්වාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

චීනයේ විශාල වාණිජ දියුණුවක් අත්පත් කර ගෙන ඇති යුක්සි ආයෝජන ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ලී ජි මහතා ඊට එක්වෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික අවකාශය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයාට අවශ්‍ය ඍජු ආනයන හා අපනයන අවශ්‍යතා සපයා දිය හැකි ආකාරය පෙන්වා දුන්නාය.

චීනයේ යුනාන් පළාතේ ෂින්පිං හි ෂින්පිං කාර්මික උද්‍යාන කළමනාකරණ කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂී ෂිෆු මහතා පෙන්වා දුන්නේ නව ව්‍යවසායක ව්‍යාපෘති, ආහාර, කෘෂිකර්ම සහ අනෙකුත් ව්‍යවසායක අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට තමන්ගේ සහාය කවුන්සිලය හරහා ඍජුව ලබාදිය හැකි බවයි.

ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට අතරමැදියන් නොමැතිව ආනයන-අපනයන සම්බන්ධයෙන් දිරිගැන්වීමට අවශ්‍ය ශක්තිය හා මගපෙන්වීම ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ බව ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලයේ ව්‍යාපාර මූල්‍ය හා කළමනාකරණ උපදේශක නිපුන වාහලතන්ත්‍රිගේ මහතා එහිදී කියා සිටියේය.

මෙමගින් ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනය චීනයට පමණක් නොව, යුරෝපය දක්වාම අතරමැදියන් නොමැතිව ඍජුව අපනයන කිරීම, ආනයනය සඳහා අවශ්‍ය සහයෝගීතා වැඩපිළිවෙළ මෙමගින් යථාර්ථයක් බවට පත්කිරීමට හැකිවෙතැයි ඔහු කීය.

මෙම උත්සවයේ ප්‍රධාන විශේෂත්වයක් වූයේ දේශසීමා වෙළඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම අරමුණු කරගත් මූලික බැඳීමක් නොමැති ගිවිසුම් අත්සන් කිරීමයි.

මෙම මුලපිරීම වෙනුවෙන්, ජාත්‍යන්තර වෙළඳපොළවල ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා නිල යටිතල පහසුකම් සැපයුම්කරු ලෙස TEMCO සමුපකාර බැංකුව තෝරා ගනු ලැබූ අතර ටෙම්කෝ බැංකු සමිතියේ සභාපති ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතා ශ්‍රී ලංකා චීන වෙළඳ කොරිඩෝව සමඟ ගිවිසුමක් අත්සන් කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාරික සම්බන්ධතා පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය මූල්‍ය සේවා ලබා දීමට ටෙම්කෝ බැංකුව එහිදී පොරොන්දු විය.

ව්‍යාපාර

‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

Published

on

By

පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝහි පැවති SIAL Canada 2025 වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී තිබෙන බවය.

අප්‍රේල් 29 සිට මැයි 1 දක්වා ටොරොන්ටෝ හි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

SIAL කැනඩා යනු කැනඩාවේ ආහාර පාන අංශයේ ප්‍රධාන වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකක් වන අතර,රටවල් 44කින් ප්‍රදර්ශකයන් සහ වෙළෙඳ නාම 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනී. රටවල් 77කින් වෘත්තිකයන් 21,000කට වැඩි පිරිසක් සහභාගි වන අතර සියලු කැනේඩියානු පළාත් නියෝජනය වේ.

ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබෙන අතර,කැනේඩියානු වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්දාම සහ ප්‍රමුඛපෙළේ සිල්ලර ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමට දරන උත්සාහයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයන් ද හමු වී තිබේ.

Continue Reading

ව්‍යාපාර

ඉහළ ගිය පොල් මිල

Published

on

By

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ.

මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.

කුඩා පොල් ගෙඩියක්  අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති.

Continue Reading

ව්‍යාපාර

නොවෙනස්  “ලාෆ්”

Published

on

By

මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පියරීස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,645ක් ලෙස පවතී. 

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු වූයේ අප්‍රේල් මාසයේදීය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved