Connect with us

පුවත්

ඇඹිලිපිටිය ප්‍රදේශීය සභාවේ හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්

Published

on

සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘති 77කට අදාළව රු 71,645,226.32ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ මහේෂ් පෙරේරා මහතා හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු නියෝග කළේ, එම ප්‍රදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු, ලිපිකරුවෙකු, සහ ලේකම්වරයෙකු මේ මස 08 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ, වයි.එම්.පී බණ්ඩාර නැමති හිටපු තාක්ෂණ නිලධාරියෙකු, සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර නැමති හිටපු ලේකම්වරයෙකු මෙන්ම අමල් තුෂාර විතාරණගේ නැමති හිටපු ලිපිකරුවෙකි.

තාක්ෂණ නිලධාරියා සහ හිටපු ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අතර හිටපු විෂය ලිපිකරුවා අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් තිබුණි.

2017 සහ 2016 වර්ෂවල ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘති ‍ හැත්ත හතකට අදාළව රු 71,645,226.32 මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී එවකට සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් බමුණු ආරච්චිගේ චාමර ප්‍රේමණාත් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

මෙම ව්‍යාපෘති 77න් පහළොවක් සිදුකර නොමැති බව අධිකරණය හමුවේ හෙළිව තිබේ.

මාර්ග හා ක්‍රීඩා පිටිය ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙම වංචාවන් සිදුව ඇති අතර අපරාධ සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ පවසා සිටියේය.

පුවත්

මහින්දානන්ද ගෙදරින් කෑම ඉල්ලයි

Published

on

By

තමන්ට නිවසින් රැගෙන එනු ලබන ආහාර පාන ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

හිටපු අමාත්‍යවරයා මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එම් ටූ” වාට්ටුවේ තවත් රැඳවියන් 10කට ආසන්න පිරිසක් සමග රඳවා සිටින බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද රඳවා සිටින්නේ මෙම වාට්ටුවේම බව සඳහන්ය.

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු ඔහුට ද වෙනත් රැඳවියන්ට ලබා දෙන සියලු පහසුකම් ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වනජීවියේ 4,530කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමින් සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ ඒ අනුව නිලධාරීන් 4,530 කට ස්ථිර පත්වීම් ලබාදෙන බවය.

මේ තුළින් විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට විදුලි වැට කිලෝ මීටර් 5000කට අධික ප්‍රමාණයක ඉදිකර ඇති බවය.

Continue Reading

පුවත්

දුම්රිය හරස් මාර්ගයකදී වාහන 3ක් එකිනෙක ගැටේ

Published

on

By

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මැරවල දුම්රිය හරස් මාර්ගයේ වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (21) උදෑසන උදෑසන 6.25 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

හලාවත මැරවල දුම්රිය හරස් මාර්ගය දුම්රිය ධාවනය හේතුවෙන් වසා තිබියදී නවතා තිබූ ඉන්ධන බවුසරයක පිටුපසින් තවත් වෑන් රථයක් නවතා ඇති අතර සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම් මුවර් රථයක් වෑන් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට හේතුව සිමෙන්ති ප්‍රවාහනය කල රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම බව වාර්තා වේ.

කෙසේ වෙතත් පිටුපසින් ගැටුන ප්‍රයිම් මුවර් රථය හේතුවෙන් ඉදිරියෙන් තිබු වෑන් රථය ඉන්ධන බවුසරයේද ගැටීම හේතුවෙන් වාහන තුන එකිනෙක ගැටී මෙම  අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved