Connect with us

පුවත්

මා වැරදි නම් නිවැරදි කරන්න; බාර් පර්මිට් 2000ක් මන්ත්‍රීලා ළඟ – ඩලස්

Published

on

රට තුළ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන බවත්, ඉන් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර සිටි මන්ත්‍රිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.

රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සුරා වෙළෙඳුන්, මත් වෙළෙඳුන් බවට පත්වී ඇති විටෙක පාසල් ළමුන්ගේ බෑග් පරික්ෂා කිරීම වෙනුවට කළයුත්තේ මත් වෙළෙඳුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීම බවද ඊයේ (26දා) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

“මේ පිරිසගේ නම් කියන්න මම කවදාත් පැකිළෙන්නේ නැහැ. මම මේ පාපයට සම්බන්ධ නොවෙච්ච කෙනෙක්. අවශ්‍ය වෙලාවට ඒ සියලු දේ හෙළිදරව් කරන්නම්. මාධ්‍ය ආයතන විදිහට, ගවේෂණශීලී මාධ්‍යවේදීන් විදිහට මම ඔබටත් ආරාධනා කරනවා, එක්කෝ මම වැරැදි නම් මාව නිවැරැදි කරන්න. රටට කියන්න මේ කරපු ප්‍රකාශය වැරැදියි කියලා. එහෙම නැත්නම් ඒ තොරතුරු මත පදනම් වෙලා ඔබ ඉදිරියට යන්න. මම ඔබත් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය තොරතුරු, සියලු දත්තයන් සමග සමාජගත කරන්න එකතු වෙන්නම්” යැයි මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

Published

on

By

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි.

එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය.

එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබේ.

කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රී කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගත් බව වාර්තා විය.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් 500 දෙනෙකු පමණ  ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බව වාර්තා වෙයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved