Connect with us

පුවත්

“මෝදි ඇවිත් පන්ති පහ ඉගෙනගත්ත?; ඇමෙරිකන් බඩු ඇමෙරිකාවෙන්ම ගන්න ඕන නැහැ”

Published

on

මේ මොහොතේ අපි කළ යුතු හොඳ ම දේ ඇමරිකාව සමග සාකච්ඡා කර, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කිරීමට නිර්මාණශීලී වීම යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියයි.

ඔහු මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලෙහි පිහිටි ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක් බවත්, අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වන බවත්, ඔහු කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ රවී කරුණානායක…

“ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක්. මගේ අදහස ඉන්දියාව සමග ගනුදෙනු කිරීම නිසා ලංකාවට හොඳක් වෙනවා කියන එකයි. අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වෙනවා. ඇමරිකාව සමග පවතින වෙළඳාම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිත් තිබෙනවා. මෙතෙක් කාලයක් අපිට ගැටලුවක් තිබුනේ නෑ. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවට ස්තූතිවන්ත වෙනවා. නමුත් දැන් ඩොලන්ඩ් ට්‍රම්ප් ප්‍රතිගෝලීකරණයට තල්ලු වී තිබෙනවා. ඇමරිකාව සහ අපි අතර අපනයනය සහ ආනයනය අතර පරතරය වැඩි උනා. අපි ඇමරිකා භාණ්ඩ ගෙන්වනකොට ඇමරිකාවෙන් ම ගේන්න ඕන නෑ. වෙනත් රටවල් හරහා ගෙන්වන්න පුළුවන්.”

“මේ වෙලාවේ කළ යුතු හොදම දේ අපි ඇමරිකාව එක්ක සාකච්චා කළ යුතුයි; අපි ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කළ යුතුයි. එහෙම අපි නිර්මාණශීලී විය යුතුයි. මේක වෙන්න කලින් මම මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුවේදී ඇහුවා. එතකොට අනිල් ජයන්ත කිව්වේ මාස දෙකකින් උත්තර දෙන්නම් කියලයි.

අපි විශාල බඩු ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනව. මේ ආකාරයටයි සිංගප්පූරුව ජපානය දියුණු උනේ. ඉස්සර ලෝකයට ම ගැහුවේ එක බද්ධක්. දැන් ඒක වෙනස් කර තිබෙනවා. එක එක රටවලට එක එක බදු ප්‍රමාණයන් අය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම අපි කියන්නේ මේ ණය ගෙවන්න පුලුවන් වන්නේ අපනයනය හරහායි. හැබැයි හැම එකමටම පිළිතුර IMF එක ම නෙවෙයි.

මෝදි අපිට ඉගැන්නුවද?

ඉන්දියාවෙ අගමැති තුමා ආවා, ඒ ගැන අපි සතුටු වෙනවා, නමුත් මෝදි ඇවිත් පන්ති පහ ඉගෙන ගත්තා ද නැත්නම් එහේ දේවල් අපේ ආණ්ඩුවට ඉගැන්වුවාද කියලා ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ ඉන්දියාව එක්ක සමීපව වැඩ කරන්න ඕන. දැන් අදානිගේ ප්‍රශ්නය යට ගහන්න හොද නෑ . නමුත් මේ රටේ බලශක්තිය ගැන හිතන්න ඕන. මොනවා කිව්වත් අදානි ගේ ක්‍රමය තුළ පවර් ලයින් එකක් ගේන්න හදනවා. එදා සාම්පූර් වලට විරුද්ධ වෙච්ච අයම මෝදි ගෙන්වා මේ දේවල් කිරීම ගැන අපි සතුටු වෙනවා.. අපි අලුතින් හිතන්න ඕන. මේ රජයේ නිලධාරීන්ට පමණක් ආර්ථිකය හසුරවන්න නොදිය යුතුයි.”

සයිබර් ආරක්ෂණය පිළිබඳ සිතිය යුතුයි

“ඩිජිටයිල්ශේෂන් ගැන ගැටලුවක් තිබෙනවා. අපේ රටට සයිබර් ආරක්ෂණ ක්‍රමවේද අවශ්‍යයි. සයිබර් සිකුරිටි එක ගැන මේ ආණ්ඩුව හිතන්න ඕන. එදා හැමදේට ම විරුද්ධ වෙච්ච අය අද ආණ්ඩු කරනවා. දැන් මේ දේවල් ඉදිරියට ගෙන යන එක හොඳයි. දැන් දූෂණයත් නෑ; පෙළපාලිත් නෑ. දැන් රටට ආයෝජන ගෙන්වන්න පුළුවන්. මේ රටේ නිෂ්පාදනය ඇතිකර අපි අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි”

පුවත්

පාස්කු උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Published

on

By

පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 වන දිනයන්හි පැවැත්වෙන බැවින් එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත්, ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස්දී ලබාදී ඇති අතර, මේ සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරියේ යෙදවීමට නියමිතය.

Continue Reading

පුවත්

හෙටත් රස්නෙ ගැන අවධානෙන්

Published

on

By

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට(18) දිනයේ දී ද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත් වල මෙන්ම, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්ක ඒ අතරට ඇතුළත් වේ.

එම ප්‍රදේශවල ජනතාව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

Published

on

By

දෙවුන්දර – හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ හතළිස් දහසක මුදලක් හා ග්‍රැම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ සොයාගෙන ඇත.

මෙම නිලධාරීන් අද (17) අලුයම 4ට පමණ මාර්ගයේ ගමන්කරමින් තිබූ සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කර බැලීමේදී මෙම මුදල් හා රන් භාණ්ඩ සොයාගෙන තිබේ.

ඒ අනුව මෙම මුදල් හා රන් භාණඩ සමග පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පිරිස අතර බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සිට ඇති අතර, ඔහු මෝටර් රථයේ රියදුරු ලෙස සිට ඇති බව පොලීසිය පවසයි.

මෙම පොලිස් නිලධාරියාගේ මහගෙදර පිහිටි මාතර වේරදුව ප්‍රදේශයේ නිවසක මිතුරන් සමග සාදයක් පවත්වා ඇත.

එය අවසන් වී දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි මිතුරන් නිවෙස් වෙත ඇරලවිම සඳහා ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම අවස්ථාවේ සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අදාළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ මෙම මුදල් විදේශගතව සිටින සහෝදරියකගෙන් ලැබුණු බවයි.

කෙසේ නමුත් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා පවතිනා බව වි⁣ශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට හෙළිවී ඇත.

ඒ සිදුකළ පරීක්ෂාකිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථය දෙනිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

එමෙන්ම ඇය මෙම පොලිස් නිලධාරියාගේ ඥාති සහෝදරියක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 45 -50 අතර වයස්වල පසුවන දෙවුන්දර, ⁣මාතර වේරදුව, උඩුපීක්වැල්ල හා කැලණිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.

ඔවුන් අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මගින් සිදුකරනු ලබයි.

(අද දෙරණ)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved