Connect with us

පුවත්

SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්න – ලංවිම

Published

on

නිවාසවල වහලය මත සවිකර ඇති  සුර්ය පැනල අක්‍රීය කිරිමේ කටයුතු කෙටි පණිවුඩයක් ලැබුණහොත් පමණක් හෙට සිදු කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම මණ්ඩලය සඳහන් කළේ, ලබන 21 වැනිදා දක්වා කෙටි පණිවුඩ මත පමණක්  සුර්ය පැනල අක්‍රිය කිරීම ප්‍රමාණවත් බවය.

පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරිම සහ සැපයුම කළමනාකරණය සඳහා පසුගියදා දහවල් කාලයේ සිට සවස 3 දක්වා සෑම දිනකම වහල මත සවිකර ඇති සූර්යය පැනල අක්‍රිය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට නිවේදනය කළේ ය.

පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂාකිරිමේ අරමුණින් එම තීරණය ගෙන තිබේ.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved