ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නිල දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම සංස්කරණය නිකුත් කර තිබේ.
2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව ජාතික මට්ටමින් නිල දරිද්‍රතා රේඛාව සටහන් වන්නේ රු. 16,318 ක් ලෙසිනි.
පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල ලෙසින් මෙය හැඳින්විය හැකිය.
ඒ අනුව 4 දෙනෙකුගෙන් යුතු පවුලක් සඳහා මාසයක් වෙනුවෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම මුදල රු. 65,272 ක් ලෙසින් ගණනය කළ හැකිය.
නිල දරිද්‍රතා රේඛාව, මාසිකව දිස්ත්‍රික්ක මට්ටමින් ගණනය කරනු ලබන අතර ඊට අනුව සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අවම මුදල, කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන පුද්ගලයෙකුට රු. 17,599 ක් වන අතර එය දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම අගය වේ.
අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 15,603 කි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බවයි.
සම්පූර්ණ සටහන පහතින් දැක්වේ