Connect with us

පුවත්

දළදා වදින්න මහනුවරට 4ක් නොඑන ගමන් යයි

Published

on

දළදා දැක්මට හා එහි රාජකාරි සඳහා මහනුවරට පැමිණි පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇති බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (24 ) පැවැසුවාය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 69,70,74 හා 80 වයස්වල පසුවන සිවු දෙනෙකි. 

ඔවුන් සියලු දෙනා වසස අවුරුදු 65 ඉක්මවූ අය බවත් එක් අයකුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

අනෙක් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පියවර ගෙන තිබිණි. 

මේ අතර විවිධ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගෙවුණු දින හතක කාලයේදී පුද්ගලයන් 300ක් පමණ මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ඇත.

ඔවුන් බොහෝ දෙනෙක් විජලනය හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්ව රෝහල ගතකර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව ද සෞඛ්‍ය මධ්‍යස්ථන 09ක් ක්‍රියාත්මක අතර, එවායින් පසුගිය දින කිහිපයේ දී 3000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ අතර දළදා වන්දනාවට පැමිණ සිටිය දී රෝගී වන පුද්ගලයන් රෝහල් ගත කිරීම සඳහා සුවසැරිය ගිලන් රථ 07ක් යොදවා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල පැවැසීය.

පුවත්

පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී

Published

on

By

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්ය.

Continue Reading

පුවත්

හිටපු ජනපති රනිල් අද CIDයට

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අතුරුදහන් වුන “සුමේධ” මින්නේරියෙන් මතුවෙයි (වීඩියෝ)

Published

on

By

මරදන්කඩවල ප්‍රදේශයේදී පසුගිය මාර්තු මාසයේ දී අනතුරට ලක්වීමෙන් පසුව අතුරුදන්ව සිටි සුමේධ ඇතා මාස තුනකට පමණ පසුව මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි පදුපොළ තොටුපළ ආශ්‍රිතව සැරිසරන ආකාරය එහි සංචාරය කළ පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන තිබේ.

අනතුරින් පසුව සුමේධ ඇතාට එක් දළයක් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම දර්ශන අනුව සුමේධ ඇතා එක් දළයක් අහිමිවීමෙන් අනතුරුව තනි ධලයෙන් ඉතා නිරෝගීව සිටින බව වනජීවි නිළධාරීන් පවසා ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය ජාතික වන උද්‍යානය හා කවුඩුල්ල ජාතික වන උද්‍යානය සිය නිජබිම කරගනිමින් සුමේධ ඇතා සැරිසරමින් සිටි.

Video Credit – Chathuranga Kulathunga

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved