ශ්‍රී ලාංකික කතුවරයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කළ “The Seven Moons of Maali Almeida” නවකතාව ආසියානු සාහිත්‍ය සඳහා 8 වන Émile Guimet ත්‍යාගය දිනා ගෙන තිබේ.
2025 ජුනි 4 වන දින පැරිසියේ පිහිටි කෞතුකාගාරයේ ජීන්-ෆ්‍රැන්කොයිස් ජැරිජ් ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී මෙය නිවේදනය කර තිබුණි.
ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ “The Seven Moons of Maali Almeida” ප්‍රංශ භාෂාවට පරිවර්තනය කර ඇත්තේ, Xavier Gros විසිනි.
“Les sept lunes de Maali Almeida” (The Seven Moons of Maali Almeida) කෘතිය Émile Guimet ත්‍යාගය දිනා ගෙන ඇත්තේ, එය ප්‍රංශයේ ප්‍රකාශයට පත් කර මාස 18ක් ගත වීමෙන් පසුවය.
2022 වසරේදී මෙම නවකතාව සඳහා ෂෙහාන් කරුණාතිලක විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතාවට පිරිනැමෙන “ද බුකර් ” සම්මානයද දිනා ගන්නා ලදී.