Connect with us

පුවත්

දේශබන්දුට එරෙහි කමිටුවේ සහායට දිලීප පීරිස් ඇතුළු නම් දෙකක්

Published

on

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතුවලට සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මඟින් දැනුම් දෙනු ලැබුණි.

මෙම කමිටුව අද (25)  පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේදී මෙසේ දැනුම්දීම සිදුකෙරිණි.

එසේම කමිටුවට සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති  නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් නම් කොට ඇති අතර අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්විණි.

ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව 2025.04.28 දින නැවත රැස්වීමට තීරණය කෙරිණි.

පුවත්

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලංකාවට!

Published

on

By

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයට අදාල කොන්දේසිවල ප්‍රගතිය සමාලෝචනය සඳහායී

එම නියෝජිත පිරිස ලබන 28 වැනිදා සිට මැයි 7 දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

Continue Reading

පුවත්

අද ජාතික ශෝක දිනයක්!

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද (26) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එමස් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව අද (26) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කර තැබෙනු ඇත.

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවය අද වතිකානයේ ශාන්ත පිතර චතුරශ්‍රයේ පැවැත්වේ.

කොළඹ අගරදගුරු අතිඋතුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතුළු කතෝලික පූජකවරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වීම සඳහා වතිකානයට ගොස් තිබේ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සභභාගි වන්නේ  විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතායි.

Continue Reading

පුවත්

පිටරට සිට ගේම් ගහන පාතාලේ ප්‍රබලයෝ 201ක්; පාතාල ලොක්කෝ 65ක් රට

Published

on

By

ඩුබායි ඇතුළු රටවල සිට මෙරට මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සිදු කරවන පාතාල කල්ලි ප්‍රබලයන් 201 දෙනකු ගැන පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.

මේ පාතාලයන් පිළිබඳව සියලු තොරතුරු අන්තර්ජාතික පොලීසිය (ඉන්ටර්පෝල්) වෙතද ලබා දී ඇති බවද පැවසේ.

මෙරට පාතාලයන් රැඳී සිටින රටවල් සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් මෙරටට ගෙන්වාගැනීමේ නීතිමය කටයුතු සිදු කරමින් පවතින අතර 19 දෙනකු ඒ අනුව මේ වන විට මෙරටට ගෙන්වා ඇති බවද පැවසේ.

මේ අතර මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් 65 දෙනකු පමණ මේ වන විට විදේශගතව සිටින බවටද පොලීසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved