Connect with us

විදෙස්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Published

on

ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව ඇත.

මෙරට වේලාවෙන් අද පස්වරු 01.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

අවමංගල්‍ය දේව මෙහෙය කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ විසින් පවත්වනු ලැබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළුව රටවල් රැසක රාජ්‍ය නායකයින්, නියෝජිතයන් ඇතුළු ලක්ෂ 2කට අධික පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පසුගිය දිනවල රාත්‍රිය පුරා අවස්තාව සලසා දී තිබූ අතර, එය එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8.00ට අවසන් විය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව උන්වහන්සේගේ දේහය මිහිදන් කිරීම සිදුවන්නේ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදීය.

මේ අතර පාප් වහන්සේගේ අවමංග්‍ය උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වී සිටියි.

ඊට අමතරව විපක්ෂ මන්ත්‍රීවරුන්වන කාවින්ද ජයවර්ධන හා හෙක්ටර් අප්පුහාමි යන අයද වතිකානය බලා පිටව ගොස් ඇත.

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද දිනය  ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

සබැඳි පුවත් :

විදෙස්

සිරියානු කාන්තාවන්ට නියෝගයක්

Published

on

By

සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළදීම එරට රජය විසින් අනිවාර්ය කර ඇත.

එරට ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් නිකුත් කර ඇති මෙම නියෝගයේ දැක්වෙන්නේ ‍මහජන ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සහ විනීතභාවය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පියවරට එළඹුණු බවය.

කෙසේවෙතත් පෞද්ගලික වෙරළ තීරයන්ල සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් සඳහා මෙම නියෝගය බල නොපැවැත්වෙන බව ද එරට මාධ්‍ය වාර්තා කර සිටී,

Continue Reading

විදෙස්

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පැනවේ

Published

on

By

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ.

විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින්  මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකු රඳවා තබා ගන්නා බවට ඇය අනතුරු ඇඟවීය.

පසුගිය සඳුදා රාත්‍රියේ ව්‍යාපාර 23ක් කොල්ලකෑමත් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට නගරාධිපතිවරිය තීරණය කළාය.

අඟහරුවාදා දිනයේදී පමණක්, අත්අඩංගුවට ගැනීම් 197ක් හමුදාව විසින් සිදු කරන ලදි.

Continue Reading

විදෙස්

ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක්

Published

on

By

අමෙරිකානු හමුදාව, ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක් යොදවන බවට තහවුරු කර තිබේ.

ඒ ෆෙඩරල් නිලධාරීන් හා දේපළ ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති 51 වැනි කාර්ය සාධක බලකායට සහාය වීම සඳහාය.

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ.

ලෝස් ඇන්ජලීස් නුවරට ආරක්ෂක භටයින් 2,000 ක් යෙදවිමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කර තිබුණි.

ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ආරක්ෂාව වැඩි කිරිම සඳහා ආරක්ෂක අංශ යෙදවිමට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුවයි.

ජනපතිවරයා පැවසුවේ ආරක්ෂක භටයින් යෙදවීමට වැදගත් තීරණයක් ගත් බවත් එසේ නොකළේ නම්, ලොස් ඇන්ජලීස් සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ තිබූ බවයි.

ලොස් ඇන්ජලීස් වෙත ආරක්ෂක භටයින් යෙදවීම සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ නීතිපති රොබ් බොන්ටා සහ ආණ්ඩුකාර ගැවින් නිව්සම් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයා පැවසුවේ මෙය ෆෙඩරල් රජයේ අධිකාරිය ඉක්මවා යාමක් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved