Connect with us

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

කටුනායක හීනටියන ප්‍රදේශයේදී අද (26) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇත

අද (26) අලුයම සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි උදාර චතුරංග නමැති තරුණයෙක් බව පොලීසිය පවසයි.

අදාළ තරුණයා අලුයම 5.35ට පමණ තම නිවෙස තුළදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී- 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා මුදල් පොලියට ලබාදීම සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වා ගෙන යනු ලබන අයෙකු බවද පැවසේ.

ඔහු සිය පියා සමග තම නිවසෙහි කාමරයක නිදා සිටියදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ.

තුවාල ලැබු තරුණයා මිනුවන්ගොඩ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහල වෙත මේ වනවිට රැගෙන ගොස් ඇත.

වෙඩි තැබීමට භාවිතා කළ හිස් පතරොම් කොපු දෙකක් එම නිවසෙහි කාමරය තුළ වැටී තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධර්මසේන මහතාගේ උපදෙස් මත කටුනායක ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ලාල් චන්දචන්ද්‍රසිරි මහතාගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් කුමාරසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ මහතා ඇතුලු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

පුවත්

ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට

Published

on

By

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

අදාල වාර්තාව පහත පරිදි  වේ,

රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.34

Continue Reading

පුවත්

නිලන්තට එරෙහි පෙත්සමක් කැඳවීමට දින දේ

Published

on

By

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන ලෙස ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් මස 14 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

සමාජ හා සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයක වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

පුවත්

ගැබිණි මව්වරුන්ට අනතුරු ඇඟවීමක්

Published

on

By

චිකුන්ගුන්‍යා සහ ඩෙංගු රෝග ද්විත්වයම එකවර පුද්ගලයෙකුට වැළඳිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කෙරිණි.

ඊඩිස් ඊජිප්ටයි නමැති මදුරු විශේෂයෙන් මෙම රෝගය ඇති වන බවත්, එක් අයෙකුට ඉහත රෝග ද්විත්වයම තිබිය දී ඔහුට හෝ ඇයට දැඩි වේදනාවක් දැනිය හැකි බවත් වැඩිදුරටත් සඳහන් විය.

යම් හෙයකින් ප‍්‍රසූත අවස්ථාවක දී මවකට චිකුන්ගුන්‍යා වෛරසය වැළඳුණහොත්, ගබ්සා වීමක් සිදු විය හැකි බවද මෙහිදී  අවධාරණය කර සිටින ලදී.

එමෙන්ම දරුවා බිහිවීමෙන් පසුව මවකට මෙම වෛරසය ආසාදිතව සිටීනම්, දින 03-07කට පසුව අලුත උපන් බිළිඳාට ද වෛරසය බෝ විය හැකි බවත්, එහිදී දරුවා මව්කිරි නොබීම, කුෂ්ඨ සෑදීම, අධික උණ සමග මොළේ උණ වැනි සංකූලතා හටගැනීම සිදුවිය හැකි බවද සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved