Connect with us

විදෙස්

ලිංගික අපයෝජනයන්ට එරෙහි වූ සමාජ ක්‍රියාකාරිනිය සියදිවි නසාගනී

Published

on

ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක් වූ අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇගේ පවුලේ ඥතීන් තහවුරු කර ඇත්තේ ඊයේ (25) මෙය සිදුව ඇති බවයි.

ජිෆ්රේ මිය යනවිට වයස අවුරුදු 41 පසුව තිබේ.

ජිෆ්රේ කෙරෙහි වැඩි කථාබහක් ඇතිකළ පුවතක් වූයේ ඇය බ්‍රිතාන්‍යයේ යෝර්ක් ආදිපාදවරයා වන ඇන්ඩෲ කුමරුට එරෙහිව ප්‍රසිද්ධියේම ලිංගික අපයෝජන චෝදනා එල්ලකිරීමයි.

වයස අවුරුදු 17 දී තමන් යෝර්ක් ආදිපාදවරයා වෙත ඇයව ජාවාරම් කළ බවට ඇය චෝදනා කර තිබුණි.

කෙසේ නමුත් ඇන්ඩෲ කුමරු එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ඊට අමතරව ළමා අපයෝජකයෙකු මෙන්ම ළමා ලිංගික අපරාධකරුවෙකු වන අමෙරිකාවේ ජෙෆ්රි එප්ස්ටීන්ට එරෙහිව ද ඇය ප්‍රසිද්ධියේම ලිංගික අපයෝජන චෝදනා එල්ල කළාය.

ජිෆ්රේගේ මියයෑම සම්බන්ධයෙන් ඇගේ ඥාතීන් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය ‘ලිංගික අපයෝජනයට එරෙහි සටනේ දරුණු රණශූරියක්’ බවයි.

ඇයට සිදු වූ අපයෝජනයේ බර දරාගත නොහැකි බවද ඥාතීන් පවසයි.

තමන් මුහුණදුන් ලිංගික අපයෝජනය සහ ලිංගික ජාවාරම් ගැන ජීවිත කාලය පුරාම විඳවීම ඇයව සියදිවි නසා ගැනීමට පෙළඹ වූ බව ඇගේ ඥතීන් වැඩිදුරටත් පවසා තිබේ.

විදෙස්

සිරියානු කාන්තාවන්ට නියෝගයක්

Published

on

By

සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළදීම එරට රජය විසින් අනිවාර්ය කර ඇත.

එරට ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් නිකුත් කර ඇති මෙම නියෝගයේ දැක්වෙන්නේ ‍මහජන ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සහ විනීතභාවය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම පියවරට එළඹුණු බවය.

කෙසේවෙතත් පෞද්ගලික වෙරළ තීරයන්ල සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් සඳහා මෙම නියෝගය බල නොපැවැත්වෙන බව ද එරට මාධ්‍ය වාර්තා කර සිටී,

Continue Reading

විදෙස්

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පැනවේ

Published

on

By

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ.

විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින්  මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකු රඳවා තබා ගන්නා බවට ඇය අනතුරු ඇඟවීය.

පසුගිය සඳුදා රාත්‍රියේ ව්‍යාපාර 23ක් කොල්ලකෑමත් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට නගරාධිපතිවරිය තීරණය කළාය.

අඟහරුවාදා දිනයේදී පමණක්, අත්අඩංගුවට ගැනීම් 197ක් හමුදාව විසින් සිදු කරන ලදි.

Continue Reading

විදෙස්

ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක්

Published

on

By

අමෙරිකානු හමුදාව, ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක් යොදවන බවට තහවුරු කර තිබේ.

ඒ ෆෙඩරල් නිලධාරීන් හා දේපළ ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති 51 වැනි කාර්ය සාධක බලකායට සහාය වීම සඳහාය.

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ.

ලෝස් ඇන්ජලීස් නුවරට ආරක්ෂක භටයින් 2,000 ක් යෙදවිමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කර තිබුණි.

ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ආරක්ෂාව වැඩි කිරිම සඳහා ආරක්ෂක අංශ යෙදවිමට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුවයි.

ජනපතිවරයා පැවසුවේ ආරක්ෂක භටයින් යෙදවීමට වැදගත් තීරණයක් ගත් බවත් එසේ නොකළේ නම්, ලොස් ඇන්ජලීස් සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ තිබූ බවයි.

ලොස් ඇන්ජලීස් වෙත ආරක්ෂක භටයින් යෙදවීම සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ නීතිපති රොබ් බොන්ටා සහ ආණ්ඩුකාර ගැවින් නිව්සම් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයා පැවසුවේ මෙය ෆෙඩරල් රජයේ අධිකාරිය ඉක්මවා යාමක් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved