Connect with us

පුවත්

2024 උ / පෙළ ප්‍රතිඵල නිකුත් වේ

Published

on

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

පුවත්

අද මිලිමීටර් 100ක තද වැස්සක්

Published

on

By

අද (13) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දින සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින්විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මේ අතර ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ අනාවැකිය නිකුත් කරමින්, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව සඳහන් කරයි.

සුළං නිරිත දිශාවෙන් හමන බවත් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යා හැකි බවත් දැනුම්දෙයි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වෙයි. 

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් යානයක් පැහැරගත් බව කී අය වැල්ලවත්තෙන් අල්ලයි

Published

on

By

ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්කර ඇති බවට ශ්‍රීලංකන් ගුවන් සමාගම, ජනාධිපති කාර්යාලය, පොලිසිය මෙන්ම බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළටද දුරකථන ඇමැතුම් ලබාදුන් බව කියන අයකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට බාරදී තිබේ.

පෙරේදා (11) මෙම සිදුවීම සිදුව ඇත.

මේ පණිවුඩ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කඩිනම් අවධානය යොමු කර ඒ අනුව දුරකථන පණිවුඩ ලබාදුන් පුද්ගලයාගේ දුරකථන අංකයද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එම අංකය යොමුකර දුරකථන විශ්ලේෂණ වාර්තා හා සන්නිවේදන කුලුනු වාර්තා ඔස්සේ කළ සොයා බැලීමේදී අදාළ දුරකථන ඇමතුම දුන් පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේ සිට මෙම ඇමතුම් ලබාදී ඇති බට තහවුරුකරගෙන පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවත්ත පොලිසිය විසින් වැල්ලවත්තේ පටුමගක පිහිටි හෝටලයක් වටලා සැකකරු සොයාගෙන තිබිණි. 

සැකකරු පොලිසියට ප්‍රතිචාර නොදක්වා කාමරයේ දොරගුළු දමාගෙන සිටියදී පොලිසියට දොරකඩා කාමරයට ඇතුළු වීමටද සිදුවී ඇති බව පැවසේ.

එම සැකකරු සන්තකයේ තිබී ටැබ් යන්ත්‍රයක්, අයි ෆෝන් එකක්, රවුටරයක්, හෑන්ඩ් ෆ්‍රී යුගලක් හා මුදල් හුවමාරු කළ බැංකු රිසිට් පත් රැසක් ද සොයාගෙන ඇත. 

ටැබ් යන්ත්‍රයේ එල්ටීටීඊ සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප, ධජ, රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප, ගුවන් තොටුපළ ඡායාරූප සහ ගුවන් යානාවල ඡායාරූපද තිබූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

සැකකරු විසින් පෙරේදා (11) දිනය පුරා ගුවන් යානාවක් පැහැරගැනීම සම්බන්ධයෙන් වරින් වර දුරකථන ඇමතුම් ලබාදී ඇති බවද මෙහිදී කරන ලද ප්‍රශ්න කිරීම් මගින් අනාවරණය වී තිබිණි.

සැකකරු අත්අඩංගුවට පත් හෝටලයේ කාමර අංක 501 මාස තුනක කාලයක සිට වෙන්කරගෙන ඇතැයිද දිනකට රුපියල් තුන්දහස බැගින් කාමර කුලිය ගෙවා ඇතැයි ද ඊට පෙර සැකකරු කොළඹ 02 ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන සිට ඇතැයිද ඒ සඳහා දිනකට රුපියල් 5000 බැගින් ගෙවා ඇතැයිද හෙළිකරගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින මෙම සැකකරු විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවත් විදේශ රටවලින් ඩොලර් ලැබෙන වෙනත් කටයුතුවලද නියැළී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මොහු මෙම ක්‍රියාවද අයිස් මත්ද්‍රව්‍ය පානය කර සමාජ කැලඹීමක් ඇති කිරීමේ අරමුණින් කර ඇති බවට සැකකරන බවද පොලිසිය කියා සිටියි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන් ගුවන්තොටුපළ පොලිසිය වෙත ඊයේ භාරදී ඇත.

සැකකරු සන්තකයේ තිබූ ටැබ් යන්ත්‍ර හා සැකකරුගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකරන බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම සැකකරු ගේ ප්‍රකාශ ගැටලු සහගත බවද වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බවද පොලිසිය කියයි.

Continue Reading

පුවත්

බෝරා සමුළුවට උපරිම සහය දෙන්නැයි නිලධාරීන්ට උපදෙස්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ  ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය  පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ‍යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved