Connect with us

පුවත්

හිටපු ඇමතිලා තුනක් ළඟදීම අත්අඩංගුවට ගන්නවා

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ලියාපදිංචි නොකළ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව ඉක්මනින් නීතිමය පියවර ගන්නා බවය.

බේරුවල පැවති මහජන රැස්වීමකදී අදහස් දක්වමින් දිසානායක මහතා විසින් මේ බව පවසන ලදී.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ නිල ආනයන තහනමක් අතරතුර ආනයනය කරන ලද වාහන අනිසි ලෙස භාවිතා කිරීමට පුද්ගලයින් සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බවය.

නිසි ලියාපදිංචි කිරීමකින් තොරව වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් තිදෙනාට නීතිමය පියවර ගැනීමට සිදුවන බව හෙතෙම පැවසීය.

“ගමේ කෙනෙක් මෝටර් සයිකලයක් රෙජිස්ටර් කරන්නෙ නැතුව පාරට දාන්නේ නෑ.හැබැයි මේ රටේ ඇමතිවරු වාහන ගේන්න තහනම් කාලෙත් වාහන ගෙනාපු යුගයක් තියෙනවා.ලයිෂන් කරන්නෙ නැතුව වාහන පදිනවා. බොරු අංක තහඩු දාල වාහන පදිනවා.ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ කියලා ඒගොල්ලෝ හිතනවා’’ 

කැබිනට් තීරණ

හිටපු ජනපතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පනත් කෙටුම්පතක්

Published

on

By

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

පුවත්

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Published

on

By

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව ය.

ඒ අනුව දූෂණය නැමති වරද සිදු කිරීමේ චෝදනාව මත සිදුවන විමර්හනවලට අදාළව එම සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වූ සුජිත් ප්‍රියන්ත මුතුමාල මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

සබැඳි පුවත්

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (17) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-17

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-17

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 17, 2025

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved