Connect with us

පුවත්

චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

Published

on

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ එල් රත්නායක මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇය සිය ලිපියෙන් පවසන්නේ අත්තනගල්ල ප්‍රාදේශය බල ප්‍රදේශය තුළ පුටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වන පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයින් තම ඡායාරූපය සහිතව ලසන්ත අලගියවන්න හා සරණ ගුණවර්ධනගේද ඡායාරූප සහිත අත්පත්‍රිකා බෙදමින් සිටින බවත් ඒ සඳහා කිසිදු අවසරක් තමා ලබා දී නොමැති බවය.

කිසිදු ලෙසකින් තම නම හෝ ඡායාරූපය  භාවිත නොකරන ලෙස පුටුව ලකුණින් තරඟ කරන සියලු අපේක්ෂකයින්ට තරයේ දැනුම්දී තිබෙන බව ඇය සිය ලිපියෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පවසා තිබේ.

මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් එම කටයුත්ත වහාම නතර කරන ලෙසද හිටපු ජනාධිපතිනිය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

පුවත්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි කල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක්

Published

on

By

සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි ඉටුකල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රි ලංකා පොලිසිය මේ බව දක්වා ඇත.

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000 කට අධික ප්‍රමාණයක් සේවයේ නිරත විය.

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආපු රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

Published

on

By

 තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත්, අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ගැටලුවේදී කිසිඳු අඩුපාඩුවක් තමන්ට පෙනෙන්නට නොමැති බව අද (28) අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එම සම්පූර්ණ වීඩියෝව,

වීඩියෝ – Voice Tube

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දන්සල් සංවිධායකයන්ට දැනුම් දීමක්

Published

on

By

වෙසක් දන්සල් මැයි මස 09ට පෙර ලියා පදිංචි කළයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙයි.

ඵහි ලේකම් චමිල් මුතුකුඩ මහතා බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන සියලුම දන්සල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියා පදංචි කිරීමට පියවර ගන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

දන්සල් පැවැත්වෙන කාල සීමාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන් දහසක් දන්සල්, ආහාර අලෙවිසල්, හෝටල්, ජංගම ආහාර අලවිසල් පරීක්ෂා කිරීමට යොදවන බව ලේකම්වරයා පැවැසීය.

දන්සල් ලියාපදිංචි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී උපදෙස් ලබාගන්නා ලෙස පැවැසූ චමිල් මුතුකුඩ මහතා විසින් ආහාර, ජලය මගින් පැතිරී යන බෝවන රෝග වැළැක්වීම සඳහා දන්සල් පරිත්‍යාගශීලීන් සහ සෙසු ආහාර අලෙවි කරන්නන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද සඳහන් කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved