Connect with us

පුවත්

මෛත්‍රීගෙන් සාක්ෂි සටහන් කර ගනී

Published

on

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගන්නා ලදී.

2008 වසරේ ඔක්තෝබර් මස 10 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේ දී එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ  විභාගයට ගැනුණි.

එම අවස්ථාවේදී මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයේ පෙනී සිටියේය.

ඒ අනුව නඩුවේ පළමු වන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකිරීමෙන් අනතුරුව ඔහු මුදාහැරීමට නියම කෙරුණි.

පුවත්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි කල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක්

Published

on

By

සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි ඉටුකල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රි ලංකා පොලිසිය මේ බව දක්වා ඇත.

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000 කට අධික ප්‍රමාණයක් සේවයේ නිරත විය.

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආපු රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

Published

on

By

 තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත්, අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ගැටලුවේදී කිසිඳු අඩුපාඩුවක් තමන්ට පෙනෙන්නට නොමැති බව අද (28) අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එම සම්පූර්ණ වීඩියෝව,

වීඩියෝ – Voice Tube

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දන්සල් සංවිධායකයන්ට දැනුම් දීමක්

Published

on

By

වෙසක් දන්සල් මැයි මස 09ට පෙර ලියා පදිංචි කළයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙයි.

ඵහි ලේකම් චමිල් මුතුකුඩ මහතා බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන සියලුම දන්සල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියා පදංචි කිරීමට පියවර ගන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

දන්සල් පැවැත්වෙන කාල සීමාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන් දහසක් දන්සල්, ආහාර අලෙවිසල්, හෝටල්, ජංගම ආහාර අලවිසල් පරීක්ෂා කිරීමට යොදවන බව ලේකම්වරයා පැවැසීය.

දන්සල් ලියාපදිංචි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී උපදෙස් ලබාගන්නා ලෙස පැවැසූ චමිල් මුතුකුඩ මහතා විසින් ආහාර, ජලය මගින් පැතිරී යන බෝවන රෝග වැළැක්වීම සඳහා දන්සල් පරිත්‍යාගශීලීන් සහ සෙසු ආහාර අලෙවි කරන්නන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද සඳහන් කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved