Connect with us

පුවත්

පුද්ගලික ආරක්ෂක නිලධාරී මාරුවීම ගැන හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අත්අඩංගුවේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට දුරකතන ඇමතුමක් ලබාදීමට උත්සාහ කළේ ඔහුට එල්ල වී ඇති චෝදනා දැන ගැනීමට බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම ඇමතුම සඳහා නියමිත ක්‍රමවේදය අනුගමනය කළ බව රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය එම නිවේදනය මගින් සඳහන් කර ඇත.

චන්ද්‍රකාන්තන් මහතා පොලිස් අත්අඩංගුවේ බව ඔහුගේ කාර්යාලය හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණත්, චෝදනා පිළිබඳ තොරතුරු නොදැන සිටි බවත්, එම තොරතුරු ලබා ගැනීමට චන්ද්‍රකාන්තන්ගේ පාර්ශවය වික්‍රමසිංහ මහතාගේ සහාය ඉල්ලා තිබූ බවත් එම නිවේශන්යේ දැක්වේ.

චන්ද්‍රකාන්තන් මහතාගේ ආරක්ෂක අංශය විසින් රහස් පොලිසියේ C.I. මාධව අදාළ සම්බන්ධීකරණය ඇතිකර ගත හැකි බව දැනුම් දී ඇති අතර, ඒ අනුව රනිල් වික්‍රමසිංහ තම ආරක්ෂක නිලධාරියාට එම නිලධාරියාගෙන් අවස්ථාවක් ඉල්ලන ලෙස උපදෙස් දී ඇත.

පොලිසියට දුරකතන ඇමතුමක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය විට, එය පොලිස් ආරක්ෂක තොරතුරු අංශය හරහා සිදු කිරීම සිරිත බවත්, අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකු සමග කතා කිරීමට ඇමතුමට අවසර ඇත්දැයි තහවුරු කිරීම පළමුව සිදු කරන බවත් කාර්යාලය පවසයි.

මෙම අවස්ථාවේදී වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශය රහස් පොලිස් නිලධාරියාට ඇමතුමක් ලබා දුන් අතර, ඔහු සී.අයි.ඩී. අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව දැනුම් දී ඇත.

සී.අයි.ඩී. අධ්‍යක්ෂවරයා, අඛණ්ඩ විමර්ශනයක් හේතුවෙන් ඇමතුම සම්බන්ධ කළ නොහැකි බව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට දැනුම් දී ඇත.

මෙම උත්සාහය හේතුවෙන් රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බව පොලිස් නිවේදනයක සඳහන් වන බවත්, ආරක්ෂක නිලධාරියෙකු මාරු කිරීමට පෙර අදාළ ප්‍රභූවරයාට කල්තියා දැනුම් දීම සිරිත බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සබැඳි පුවත්

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ ඔහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි.

සබැඳි පුවත්:

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Continue Reading

පුවත්

අද පස්වරුවේ ලොකු වැස්සක්

Published

on

By

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

අද (03) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

චමුදිතට දෙහි බාලේගෙන්, චාමිකට කන්ජිපානිගෙන් තර්ජන

Published

on

By

හිරු නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරණ හා ටෝක් විත් චමුදිත youtube නාලිකාව මෙහෙයවන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හා නෙත් එෆ් එම් බැලුම්ගල මෙහෙයවන එම්. චාමික මහතාට  පාතාල තර්ජන ඇති බවට ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ වලට කරන ලද පැමිණිලි අනුව වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් මත විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ.

චමුදිත මහතා විසින් පහුගිය කාලයේදී සිය වැඩසටහන් මගින් පාතාල ක්‍රියාකාරකම් හෙළිකිරීම නිසා දෙහි බාලේගේ කණ්ඩායමෙන් තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් පැමිණිලි කර තිබේ.

එම්. චාමික මහතා පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඔහුට පාතාල නායක කන්ජිපානි ඉම්රාන් ගේ තර්ජන ඇති  බවටය.

මේ අතර, කන්ජිපානිගෙන් වැඩ නවත්වා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට හා පොලිස් පරීක්ෂක නියමාල් රංගජීව මහතාට ද මරණීය තර්ජන ඇති බවට පැමිණිලිකර තිබේ.

රංගජීව කළ පැමිණිල්ලට අදාළව වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved