Connect with us

පුවත්

අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායකගේ සහතිකය

Published

on

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  2025.04.30 වනදා  සිය සහතිකය සටහන් කළේය.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 2025.04.08 දින  පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී.

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව  පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වේ.

පුවත්

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි

Published

on

By

2024 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගියදා නිකුත් කරන ලදී.

නිකුත් වූ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයට අනුව 2025.05.02 දින සිට 2025.05.16 දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලැ​බේ.

එම නිවේදනය පහත පරිදි වේ.

Continue Reading

පුවත්

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අද යි

Published

on

By

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට(මැයි 03) යෙදි තිබේ. 

ලොව පුරා මාධ්‍ය ආයතන, සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ සංඛේතවත්ව සිහිකිරීම මෙම දිනයේ අරමුණයි.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළේ 1993 වසරේදී ය. 

ඒ 1986 දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කොලොම්බියානු මාධ්‍යවේදි ගිලෙමො කානෝ අනුස්මරණය කරමින් ය.

ජීවිත අවදානමද නොතකමින් එදිනෙදා ජිවිතයේ ප්‍ර‍වෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදින් ඉටු කරන්නේ පුළුල් සමාජ වගකීමකි.

මාධ්‍ය නිදහසේ මූලික මූල ධර්ම ආරක්ෂා  කිරීම, ලොව පුරා මාධ්‍ය නිදහස සඳහා පවතින වටපිටාව ඇගයීම මෙන්ම මාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුවලට සිහිපත් කිරීමද මෙම දිනයේදී සිදුවෙයි. 

RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.

ඉන් පිළිබිඹු කෙරෙන්නේ, ජනමාධ්‍ය කරණයේ යෙදීම සඳහා දැඩි කොන්දේසි හෝ ඉතා බරපතල පසුබිමක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී එම දර්ශකයේ හිමිව තිබුණේ 150 වන ස්ථානයයි.

ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර ඇත.

නෝර්වේ සහ එස්තෝනියාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් වේ.

ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය පෙන්වාදෙයි.

Continue Reading

පුවත්

ඩෙංගු සහ චිකන්ගුන්යා මර්දනයට කාර්ය සාධක බලකායක්

Published

on

By

බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනය සඳහා “War Against Dengue” මැයෙන් කාර්ය සාධක බලකායක් පත්කිරීමට ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතා පියවර ගෙන තිබේ.

සමස්තයක් ලෙස දිවයිනෙන්ම වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 50% ක්ම වාර්තා වී ඇත්තේ,  බස්නාහිර පළාතෙනි.

මෙම කාර්ය සාධක බලකාය ආණ්ඩුකාරතුමා විසින් පත්කර ඇති අතර එහි ප්‍රධාන වගකීම ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගවලින් අවම ජනතාවට යහපත් වටපිටාවක් සකස් කර දීමය.

බස්නාහිර පළාතේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට දැනුම් දීම සඳහා පැය24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක්ද ක්‍රියාත්මකය.

ඕනෑම අවස්ථාවක පළාත් පාලන ආයතන නිලධාරින් දැනුවත් කිරීම සඳහා මෙම සේවාව භාවිත කළ හැකි ය.

0112092720 / 0112092721 යන දුරකතන අංක ඔස්සේ එම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකියි.

එහි ෆැක්ස් අංකය 0112092705 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved