Connect with us

පුවත්

පුංචි ඡන්දයට අපේක්ෂකයෝ 71,000ක්; පත්වන සභිකයන් ගණන කියන්න බැහැ – මැකෝ

Published

on

මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 71,000කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී.

කොට්ඨාස 4,917ක් සඳහා මැතිවරණය පැවැත්වීමට නියමිත වුවද මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාස 4,877කට පමණක් බවද ඔහු සඳහන් කරයි.

සෙසු මැතිවරණ කොට්ඨාසවල මැතිවරණය පැවැත්වීම පසු කලකදී සිදු කෙරෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා හමුවේ අධිකරණයට ගිය පාර්ශ්වයන්ගේ නාමයෝජනා භාර ගන්නා ලෙස අධිකරණය දුන් තීන්දුවට අනුව ඒ නාමයෝජනා භාර ගෙන, යළිත් ඡන්ද පත්‍රිකා සකස් කිරීමට සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවර පළාත් පාලන ආයතනවලට තෝරා පත් කරගනු ලබන සභිකයන් සංඛ්‍යාව පිළිබඳව ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි බවත් පැවසූ කොමසාරිස් ජනරාල්වරයා මෙවර මනාප ලකුණු කිරීමකින් තොරව මැතිවරණය පැවැත්වෙන හෙයින් කොට්ඨාස මට්ටමින් සභිකයන් තෝරාගන්නා බවද ප්‍රකාශ කළේය.

මෙවර මැතිවරණයෙන් කොට්ඨාස මට්ටමින් නියෝජිතයන් 60%ක් සහ සමානුපාතික පදනම යටතේ නියෝජිතයන් 40%ක් තෝරා පත් කර ගනු ලැබේ. 

එමෙන්ම කාන්තා නියෝජනයද 25%ක් වන ලෙස අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇත.

මූලාශ්‍රය – සිළුමිණ

පුවත්

බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍යට

Published

on

By

බිත්තර මිල දිනපතා සමාජමාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකසන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ, අතරමැදියන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම මුල් කරගනිමින් මෙම පියවර ගත් බවයි.

වෙළෙඳපොළ තුළ මිල මේ වනවිට රුපියල් 28ත් 32ත් අතර මිලකට බිත්තරයක් අලෙවි වන අතර, පසුගිය මාස කිහිපයේ බිත්තර අධික මිලකට අලෙවි විය.

 බොහෝ පාර්ශ්ව චෝදනා කළේ බිත්තර මිල ඉහළ යාමට එක් හේතුවක් වූයේ අතරමැදි වෙළෙඳුන්ගේ ක්‍රියාකාරීත්වය බවයි.

මේ අතර බිත්තර මිල යළි ඉහළ නොදැමීමට පියවරක් වශයෙන් දිනපතා බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් බිත්තර නිෂ්පාදකයින් හඳුන්වාදීමට සූදානම් වේ‍.

Continue Reading

පුවත්

අල්ලස් කොමිසම මැති ඇමැතිවරුන්ගේ ගිණුම්වලට රිංගලා

Published

on

By

රුපියල් කෝටි ගණනින් අයථා ලෙස දේපොළ සහ වත්කම් උපයා ගත් බව කියන හිටපු කැබිනට් ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රජයේ ඉහළ පෙළේ නිලධාරින් රැසකගේ සැකකටයුතු බැංකු ගිණුම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යොමුකර ඇති වාර්තාවකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.

අදාළ සැකකටයුතු ගිණුම් තමන්ගේ නමින් සහ පවුලේ සාමාජිකයන්ගේ මෙන්ම වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන ගිය බවට සාක්ෂි මගින් අනාවරණ වන දේශපාලනඥයන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින් අල්ලස් කොමිසම වෙත කැඳවා ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

මංජුල තිලකරත්න කොළඹ මහාධිකරණ විනිසුරු තැනට පත් කරයි

Published

on

By

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පත්කර ඇත.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්ත පටබැඳිගේ මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්ස්වීම් ලැබීමෙන් හිස් වූ පුරප්පාඩුව වෙනුවෙන් මංජුල තිලකරත්න මහතා මෙලෙස පත්කර ඇත.

කොළඹ අංක 6 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ නවරත්න මාරසිංහ මහතා සිවිල් අභියාචන මහධිකරණ විනිසුරුවරයා වශයෙන් පත්කොට ඇති අතර කොළඹ මහාධිකරණයේ පුරප්පාඩු ව ඇති විනිසුරු ධූරයන් සඳහා සහන් මාපා බණ්ඩාර මහතා, ලංකා ජයරත්න සහ ඉන්දිකා කාලිංගවංශ මහත්මීන් පත්කර ඇත.
සහන් මාපා බණ්ඩාර මහතා මීට පෙර ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ අතර ලංකා ජයරත්න මහත්මිය රත්නපුර මහාධිකරණ විනිසුරුවරිය ලෙස කටයුතු කළාය.

මේ අතර කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ මහේන් වීරමන් මහතා අංක දෙක අධිකරණයෙ විනිසුරුවරයා වශයෙන්ද, ආර්.එස්.එස් සපුවිද මහතා අංක තුන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, සුජීව නිශ්ශංක මහතා අංක හතර අධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, එච්.පී.එම්. අභයරත්න මහතා අංක 5 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද පත්කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved