Connect with us

පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින්

Published

on

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත් විණි.

(කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැතිණි.

(2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙහි සෑම පැයකට වරක් ප්‍රතිඵල යාවත්කාලීන වන බව සලකන්න)

නිල ප්‍රතිඵල අනුග්‍රහය – BBC සිංහල

https://www.bbc.com/sinhala/articles/czx4vxvrdl4o

පුවත්

වෛද්‍ය මහේෂි ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන් අනතුරුව එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියම විය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නිකුත් කළාය

සබැඳි පුවත්

Continue Reading

පුවත්

සටන් විරාමය කඩ නොකරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි (UPDATE)

Published

on

By

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය මේ වනවිට ක්‍රියාත්මක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” ලෙසය.

එසේ වුවද ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නම් සිය හමුදා මෙහෙයුම් නතර කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණි.

ඔහු පෙන්වා දෙන්නේ තම රජය මෙතෙක් කිසිදු සටන් විරාමයකට හෝ මෙහෙයුම් නතර කිරීම සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණ නොමැති බවය.


(පෙර පුවත : පෙරවරු 8.00 – 2025/06/24 )

දින 12 ක යුද්ධය අවසන් යැයි ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවය.

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබේ.

මේ අතර, සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ වී ඇති බවය.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද එම සටහනේ සඳහන්ය.

එම සටහනේ ඔහු පවසන්නේ සියල්ල සිදුවිය යුතු පරිදි ක්‍රියාත්මක වන බව සහ තමා රටවල් දෙකටම සුබ පතන බවයි

මෙම ඉරාන ඊශ්‍රායල යුද්ධය දින 12 ක යුද්ධය ලෙස ඔහු හඳුන්වා දී තිබේ.

Continue Reading

පුවත්

ඊශ්‍රායලයට යාමට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

Published

on

By

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දින පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ RE-ENTY වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

තානාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධව සියලු ගුවන් සේවාවලට දැනුම් දී ඇති බවත් ඊශ්‍රායලය වෙත පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ පසු අවහිරයකින් තොරව ඔවුන්ට ඊශ්‍රායලය කරා පැමිණීමට හැකි වනු ඇති බවත්ය.

මේ අතර ඉන්දීය රජය මගින් ක්‍රියාත්මක කර ඇති අම්මාන් අම්මාන් ගුවන්තොටුපොළේ සිට නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ලියාපදිංචි වී තිබේ.

ඒ අනුව අදාළ ගුවන් යානය එළැඹෙන 25 වැනි දින ගමන් කිරීමට නියමිත බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

තවද ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවත් සඳහන් කළ තානාපතිවරයා පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති පිරිස 05 දෙනෙකු බවය.

මේ අතර ඊශ්‍රායලය හා ඉරානය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවද මෙම නව ප්‍රවනතාව පිළිබඳ ඊශ්‍රායල් රජය විසින් මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

නමුත් ඉරානය හා ඊශ්‍රායලය අතර යෝජිත සාම ප්‍රයත්නය හේතුවෙන් ඊශ්‍රායලයේ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බවද තානාපතිවරයා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved