Connect with us

පුවත්

දුර ගමන් බස්වල රියැදුරන්ට විවේකයක්

Published

on

කොත්මලේ ගැරඬිඇල්ල ලංගම බස්රථ අනතුරෙන් පසුව දුර ගමන් සේවා බස්රථවල සේවය කරන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලැබෙන විවේකකාලය පිළිබඳව වි⁣ශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිඥ කමල් අමරසිංහ ප්‍රකාශ කළේය.

මෙම මාරක බස්රථවල අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේදැයි කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම මෙවැනි දුෂ්කර මාර්ග හරහා රාත්‍රි කාලයේදී සිදු කරන දුර ගමන් මගී ප්‍රවාහන සේවාවන් පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

“කතරගම කුරුණෑගල කියන්නේ ඉතාම දීර්ඝ කාලයක් වැයවෙන ප්‍රවාහන සේවාවක්. මෙහිදී මෙවැනි ගමන්වල යෙදෙන බස්රථ සේවකයන්ට ලැබෙන විවේක කාලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. එවැනි දිගු ගමනකට පෙර ඔවුන්ට නිසි විවේකයක් ලැබෙනවාද? ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් බස් ඩිපෝවලින් සැපයෙනවාද? ඔවුන් ගමනේ අතරමගදී යම් විවේකයක් ගන්නවාද කියන කරුණු පිළිබඳවත් අවධානයක් අපි මේවනවිට යොමු කරලා තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහකාර කොමසාරිස්වරුන්ගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

මිලාන්ට ඇප (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ

ඒ අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඉඩම්වලට අදාළ පිඹුරු අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් පාඩු කළේ යැයි මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.


(පෙර පුවත 2025 මැයි19 ප.ව.1.24 )

මිලාන් ජයතිලක අත්අඩංගුවට

පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩමක පිඹුරුපතක් අනුමත කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

දෙහිවල වෙඩි තැබීමක්

Published

on

By

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.

පොලීසිය පවසන්නේ, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය.

Continue Reading

පුවත්

මහින්දානන්ද රිමාන්ඩ් (UPDATE)

Published

on

By

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


(පෙර පුවත 2025 මැයි 19 පෙ.ව.11.28 )

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved