පුවත් “නිස්කෝ” එක්ක අපේ සම්බන්ධයක් නැහැ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය Published 4 hours ago on May 14, 2025 By editor Share Tweet සී/ස ජාතික තරුණ සේවා සමූපකාරය හෙවත් නිස්කෝ (NYSCO) ආයතනයේ පාඨමාලා හා වැඩසටහන් සඳහා අනුමැතියෙන් තොරව අමාත්‍යංශ නාමය භාවිතා කිරීම සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. නිස්කෝ ආයතනය මඟින් පවත්වන පාඨමාලා වැඩසටහන් ප්‍රවර්ධනය හා ඒවාට අදාළව නිකුත් කරන සහතික පත්‍ර සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශ නාමය මෙන්ම රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීම් සිදුකරන බව නිරීක්ෂණය වී ඇත. මෙම නාමය හා රාජ්‍ය ලාංඡන යොදා ගැනීම නිසි අනුමැතියකින් තොරව සිදුවන අතර මේ පිළිබඳ විමර්ශනය වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත් කර තිබේ. අදාළ නිවේදනය ඔස්සේ අමාත්‍යංශය විසින් වැඩිදුරටත් දන්වා සිටින්නේ නිස්කෝ ආයතනය සිය අමාත්‍යංශ නාමය හා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම පාඨමාලා/ වැඩසටහන් හා ප්‍රවර්ධන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. තරුණ_කටයුතු_සහ_ක්_රීඩා_අමාත්_යාංශයDownload Related Topics:FeaturedlkaSriLanka Up Next මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි Don't Miss අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි Continue Reading You may like Aqua, Prius ආනයනය නවතා දමයි කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට ලංකාවේ ඉගෙනුම ලබන මියන්මාර ශිෂ්‍ය භික්ෂූන් වෙනුවෙන් සුවිශේෂී පින්කමක් “ටීචර් අම්මා”ට ඇප (UPDATE) අත්අඩංගුවට ගන්නත් කලින් ඇප මත මුදාහරින ලෙස මහින්දානන්දගෙන් පෙත්සමක් කොත්මලේ බස් අනතුරින් දිවි අහිමිවූවන්ට ජනපති අරමුදලෙන් වෙන්වූ මුදල් ප්‍රා.ලේ. කාර්යාල වෙත පුවත් Aqua, Prius ආනයනය නවතා දමයි Published 4 minutes ago on May 14, 2025 By editor වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ. මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua) සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි. නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත. ඉහළ බදු අනුපාත හේතුවෙන් මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ. එසේ නමුත් වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති. Continue Reading පුවත් කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට Published 33 minutes ago on May 14, 2025 By editor කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත. 2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී. මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. As I step into this new role, I am grateful to Prime Minister Mark Carney for his trust.I am ready to work with my Cabinet and Caucus colleagues, our partner organizations, and all orders of government to unite, secure, protect, and build Canada.— Gary Anandasangaree (@gary_srp) May 13, 2025 සබැඳි පුවත් කැනඩා ඉතිහාසය වෙනස් කළ ගැරී Continue Reading පුවත් ලංකාවේ ඉගෙනුම ලබන මියන්මාර ශිෂ්‍ය භික්ෂූන් වෙනුවෙන් සුවිශේෂී පින්කමක් Published 38 minutes ago on May 14, 2025 By editor මියන්මාරයේ භූමිකම්පාව නිසා අසරණව ලංකාවේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට වියලි ආහාර ඇතුළු අධ්‍යාපනය සදහා අවශ්‍ය පහසුකම් සැපයීමේ දානමය පින්කමක් අද (14) පැවැත්විණි. මිරිහාන විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණ මෙම දානමය පින්කම සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය. බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු ආගමික නායකයින් එක්වූ මෙය සංවිධානය කර තිබුනේ ධර්මශක්ති පදනමයි. මෙහිදී මියන්මාර් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පින්ඩපාතයේ වැඩිය අතර අන්‍යාගමික නායකයින් හා බැතිමතුන් විසින් එම ස්වාමීන් වහන්සේලාට දානමාන පිළිගන්වන ලදි. Continue Reading Advertisement Latest Trending Videos පුවත්4 minutes ago Aqua, Prius ආනයනය නවතා දමයි පුවත්33 minutes ago කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට පුවත්38 minutes ago ලංකාවේ ඉගෙනුම ලබන මියන්මාර ශිෂ්‍ය භික්ෂූන් වෙනුවෙන් සුවිශේෂී පින්කමක් පුවත්2 weeks ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්8 months ago වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනපති රනිල් ඉදිරියෙන් කලා3 years ago මුදල් වංචාවකට විත්තිකාරියක් වූ ජැකලින්ට ඇප Videos4 months ago ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබා දිය හැකි උපරිම සහාය දෙනවා – චීන අගමැති (වීඩියෝ) Videos4 months ago චීන මහජන විරුවන්ට ජනපති අනුරගෙන් පුෂ්පෝපහාර (වීඩියෝ) Videos4 months ago හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ) Trending පුවත්5 days ago ජනතාවගේ ඡන්ද පණිවුඩේ “ඕගොල්ලෝ ෂෝ වැඩියි” – අධිකරණ ඇමැති පුවත්1 week ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්1 week ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්1 week ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්6 days ago කොළඹ නගරාධිපති සජබෙන්