Connect with us

පුවත්

මාස 5ට රිය අනතුරුවලින් ජීවිත 965ක් අහිමි වේ

Published

on

මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට මැයි මස 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇති බවය.

එම කාලය තුළ මාරක රිය අනතුරු 902ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව මේ වසරේ ගත වූ කාලය තුළ බරපතළ අනතුරුව 1,842ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අපරික්ෂාකාරී ධාවනය , බිමත්ව රිය ධාවනය සහ වාහන නිසි පරිදි නඩත්තු නොකිරම අනතුරු රැසකට හේතුවී ඇති බව පොලීසිය පවසනවා.

රිය අනතුරු අවම කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් පොලීසිය විසින්  දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පුවත්

හර්ෂාන් ද සිල්වා රිමාන්ඩ් 

Published

on

By

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතකර තිබේ.

ඒ මහතා අද (15) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක්ද පැනවීය.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඒ මහතා යළි බන්ධනාගාරගත කර තිබේ.

Continue Reading

පුවත්

විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නො එන බව කියයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් ඊයේ (14) එකඟතාවයකට පැමිණ තිබුණි.

ඒ අනුව අද පස්වරුව් පක්ෂවල මහලේකම්වරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවුණද පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේදී උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගතවීමට අපේක්ෂා නොකරන බවද ඔවුන් පැවසීය.

Continue Reading

ඡායාරූප සටහන

තානාපතිවරු හත් දෙනෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

By

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ආජන්ටිනා ජනරජය (Argentine Republic) සිම්බාබ්වේ ජනරජය (Republic of Zimbabwe), ඊශ්‍රායලය (Israel), පිලිපීන ජනරජය (Republic of the Philippines),ටජිකිස්තාන ජනරජය (Republic of Tajikistan), කාම්බෝජ රාජධානිය (Kingdom of Cambodia) සහ ඩෙන්මාර්ක් රාජධානිය (Kingdom of Denmark) සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. Mr. Mariano Agustin Caucino
මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා – නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති
02. Ms. Stella Nkomo
ස්ටෙලා න්කොමෝ මහත්මිය – නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති
03. Mr. Reuven Javier Azar
රූවෙන් හවීයර් අසාර් මහතා- නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති
04. Ms. Nina P. Cainglet
නිනා පී. කයින්ග්ලට් මහත්මිය – ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති
05. Mr. Lukmon Bobokalonzoda
ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා- නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති
06. Ms. Rath Many
රත් මැනි මහත්මිය – නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති
07. Mr. Rasmus Kristensen
රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතා – නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved