Connect with us

පුවත්

ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් තනතුරට ඇඩ් එකක් දාන්න යයි

Published

on

පුරප්පාඩු වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර පිරවීම සඳහා පුවත්පත් දැන්වීමක් පළකිරීමට එම සභාව තීරණය කර ඇතැයි වාර්කා වේ.
මේ අතර, “ලංකාදීප” පුවත්පත වාර්තා කර ඇත්තේ එම ධූරයට 

විශ්‍රාමික විනිසුරුවරයකු පත් කිරීම කෙරෙහි එම සභාවේ අවධානය යොමුවී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට මෙතෙක් පත් කෙරුණේ සේවයේ  සිටින පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා බවද එහි දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පසුගියදා හදිසියේම එම තනතුරින් ඉල්ලා අස්විය. 

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය  බාර දෙමින් පැවසුවේ පෞද්ගලික හේතු මත තනතුරින් ඉවත් වන බවයි.

ධම්මික දස නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේදී විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවමෙරට පරිපාලන ව්‍යුහයේ වැදගත් තීරණාත්මක ආයතනයක් ලෙස සැලකේ. 

නීතිපති, පොලිස්පති, ඉහළ උසාවිවල විනිසුරුවරුන් යනාදීන්  පත් කිරීම අනුමත කරනු ලබන්නේ මෙම සභාවෙනි.

පුවත්

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

Published

on

By

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙනවිත් තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Continue Reading

පුවත්

ආමි උපුල් වෙඩි තබා ඝාතනය කරලා

Published

on

By

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේ  ඊයේ රාත්‍රි 10.30 ට පමණ සිදු කළ වෙඩි තැබිමකින් ආමි උපුල් නැමති සංවිධානාත්මක අපරාධකරු මියගොස් තිබේ.

ඔහු නිවස අසළ සිටියදී  ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මේ වෙඩි තැබීම පිස්තෝලයකින් සිදු කර තිබේ.

45 හැවිරිදි ආමි උපුල් නැමැත්තා ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකි.

ඔහු යුධ හමුදාවේ හිටපු සෙබළෙකු බවද පොලිසිය පැවසුවේ ය.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි 

Published

on

By

අද (04) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දෙනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved