Connect with us

කැබිනට් තීරණ

බැංකු ගිණුම් විවෘත කිරීමේදී TIN අංකය අනිවාර්යයි

Published

on

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්තපත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන සිදුකිරීමට අනුමැතිය හිමිව ඇත.

2025 වසරේ අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබේ.

බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වී ඇති බව රජය පවසයි.

එකී ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න 

Published

on

By

ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

කැබිනට් තීරණ

අභිචෝදක කාර්යාලය පිහිටුවීමට කමිටුවක්

Published

on

By

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපනයට නව නිතී හඳුන්වාදීම පිළිබඳ අධ්‍යනය සහ අවශ්‍යතාව මත දැනට පවතින නීති සඳහා සංශෝධන හඳුන්වාදීම නිර්දේශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ යාන්ත්‍රණයක් ලෙස රජයේ අභිචෝදක කාර්යාලයක් හඳුන්වා දීමටත්, රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ස්වාධීනව ක්‍රියාත්මක වන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටු වීම සහ පළාත්බදව උප කාර්යාල පිහිටු වීමටත් යෝජනා කර තිබුණි.

එමඟින් අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වන පරිදි අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාව මඟින් ද හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ස්වාධීන අභිචෝදක අධිකාරියක් ස්ථාපිත කිරීමටයි යෝජනා කර තිබුණි.

Continue Reading

කැබිනට් තීරණ

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීමට කැබිනට් අනුමැතිය

Published

on

By

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ  එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 වන දිනෙන් අවසන් වීමත් සමග එම තනතුර සදහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කර ඇති බව සදහන් වෙයි.

ඇය, මේ වන විට  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

ඒ අනුව පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සදහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස  අග්‍රාමාත්‍ය්වරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved