Connect with us

පුවත්

මැතිවරණ කොමිසමෙන් නැවතත් ඉල්ලීමක්

Published

on

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම් – වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27ට පෙර එම වාර්තා ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය

පුවත්

බලශක්ති අමාත්‍යංශයේ සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට අදාළව ටෙන්ඩර් පත්‍ කැඳවා තිබේ.

අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිය වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුව මෙලෙස අදාළ වාහන විකිණීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඊට අදාළ අයදුම්පත් බලශක්ති අමාත්‍යංශයෙන් ලබා ගැනීමේ හැකියාව පවතින අතර අයදුම්පත් ලබාගත් පුද්ගලයින්ට එම වාහන පරීක්ෂාකර බැලීමේ හැකියාව පවතින බව බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 574 740 සහ 0112 574 941 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකි බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

Continue Reading

පුවත්

2027 සිට අලුත් බද්දක්

Published

on

By

2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති අතර දත්ත එක්රැස් කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතිය ද සැප්තැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත අතර 2026 වර්ෂය අවසන් වීමට පෙර ඊට අදාළ දත්ත සියල්ල සකස් කර අවසන් කළ යුතු බව ද  අදාළ වාර්තාවේ සඳහන්ය.

2027 වර්ෂයයේ දී මෙම නව බද්ද බලාත්මක කිරීම සඳහා දේපොළ බදුකරණ ක්‍රම පිළිබඳ සමගාමී සාක්ච්ඡා අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved