Connect with us

පුවත්

මත්තල ගුවන් තොටේදී සංචාරකයෝ රස්තියාදු කරලා !

Published

on

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය වීසා ගැනීම හා ඊට මුදල් ගෙවීමට ඇති ප්‍රමාදය නිසා ඔවුන්ට විශාල ලෙස රස්තියාදුවීමට සිදුව ඇතැයි වාර්තා වේ.

එම තත්ත්වය හේතුවෙන් පසුගිය මස 29 වැනි දින හා පෙරේදා (02) සංචාරකයන් හාරසියකට අධික ප්‍රමාණයක් රැගෙන පැමිණි ගුවන් යානාවල මගීන්ට පැය තුන හතරක් ගුවන් තොටුපළේ සිටීමට සිදුව තිබේ.

වීසා තොරතුරු ඇතුළත් කර පසුව මුදල් ගෙවීමට ඇති අනෙක් කවුළුව වෙත ගිය ද එහි සේවකයන් දෙදෙනකු පමණක් සිටින අතර වීසා මුද්‍රා තබන කවුළුවේ පමණක් සේවකයන් හය දෙනකු සිටින බව වාර්තාවේ.

එහෙත් මත්තල කවුළු තුනකින් සිදුකරනු ලබන සේවය කටුනායක ගුවන් තොටුපළේ කවුළු දෙකකකින් සිදු කරයි. මෙහි ඇති පරිගණක පැරණි වීම නිසා අන්තර්ජාල වේගය මන්දගාමි වීම හේතුවෙන් මෙම ප්‍රමාදය වැඩිවී ඇති බව එහි සේවකයෝ පවසති.

පෙරේදා පමණක් මත්තල ගුවන් තොටුපළට සංචාරකයන් රැගත් ගුවන් යානා තුනකින් එක්දහස් විසිහතර (1024) දෙනෙකේ පැමිණ ඇති අතර ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

එසේ පැමිණෙන සංචාරකයන්ට එහි තීරුබදු රහිත හෝ සහිත සාප්පු සංකිර්ණ, මෙන්ම අවන්හලක්වත් නොමැත.

මේ නිසා වෙන් කරවාගෙන ඇති හෝටලයට යන තෙක් පැය ගණනක් ගුවන් තොටුපළ තුළ හෝ බස්රථය තුළට වී සිටීමට සිදුව ඇත.

සංචාරකයන්ට අන්තර් ජාලයෙන් විසා ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇතත් රුසියානු සංචාරකයන්ගේ විද්‍යුත් බැංකු කාඩිපත් මෙරට මහබැංකුව පිළි නොගන්නා නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා මාධ්‍යට පවසා තිබේ.

ගුවන් තොටුපළ සේවා අධිකාරියට දන්වා ඇති අතර ඊට අවශ්‍ය පහසුකම් ලැබුණු විගස තවත් කවුළු කිහිපයක් විවෘත කරන බවද ඔහු පවසා ඇත.

ඊට අමතරව සිය දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය සේවකයන් හැට දෙනෙකු බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය ඉල්ලා ඇති අතර ඔවුන් බඳවා ගත් පසු ඊට අවශ්‍ය සේවකයන් සංඛ්‍යාව යොදවන බවත් ඔහු පවසා තිබේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved