Connect with us

පුවත්

රාජ්‍ය සේවයේ හොරකම , දූෂණය සහ වංචාව 100%ක්ම නවත්වනවා

Published

on

හොරකම, දූෂණය සහ වංචාව 100%ක්ම නවත්වන බවට ජනතාවට සහතික වන බවත්, වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය හොඳින් සිදුවන බවට විශ්වාස කරන බවත් කෘෂිකර්ම, පශ සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500ක් ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා(22) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“විකිණීමට නියමිතව තිබූ ආයතනයක් වන මිල්කෝ ආයතනය පසුගිය රජයන් ගත් තීරණයක් අනුව අමූල් සමාගම සමඟ ඇති කරගත් එකඟතාවයක් අනුව අතපය දිග ඇරලා වැඩ කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා.

NLDB සතුව අපේ ගොවිපළවල් 32ක් තියෙනවා.ලොකු රාජ්‍යය තාන්ත්‍රික පැටලවිල්ලක් නැතිවන ආකාරයෙන් ජාතියේ අවශ්‍යතාවය එක්ක කටයුතු කරන්න අපි සූදානම්.

මේ වසර තුළ අලෙවිසල් 500ක් සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය බැරෑරුම් කාර්යයක්. මේ වනවිට අලවිසල් 180ක් පමණ තියෙනවා. ඒ අනුව මේ වසර තුළ අලෙවිසැල් 500ක් දක්වා යාම ඉතා විශාල සංවර්ධනයක්.

මෙම ව්‍යාපෘතිය රාජ්‍ය අංශයේ නිෂ්පාදන රාශියක් අන්තර්ගතව සිදුකරන අලවිසල් ජාලයක් වීම සුවිශේෂී කාරණයක්. වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කියනවානම්, එය ආර්ථික ප්‍ර ප්‍රජාතන්ත්‍රවාදයක්.

මින් පෙර ආර්ථිකය තිබුණේ කල්ලි ගැසුණු සුළු පිරිසක් අතේ. ආර්ථික ප්‍රජාතාන්ත්‍රවාදය කියන මූලධර්මය යටතේ හැම කෙනෙකුටම ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා අවස්ථාවක් තියෙනවා.

ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වන සියලු දෙනාම තමන්ගේ ප්‍රතිලාභයේ කොටස හරියටම ලැබෙන්න ඕන. සැමට සාධාරණ පංගුව ලබාදිය යුතුයි.

එහෙම නැත්නම් මේ ආයතන කිසිවක් පවත්වාගෙන යාමට බැහැ. කිරි නිෂ්පාදකයාට නිවැරදි සාධාරණ පංගුව ලැබෙන්න ඕන වගේම පාරිභෝගිකයාටත් එහි සාධාරණය ලැබෙන්න ඕනේ.

උපාධිධාරයෙන් ඉල්ලන්නෙත් අපිට ආර්ථිකයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. රැකියාවක් ඉල්ලනවා කියන එකේ අර්ථය එයයි. හැම කෙනෙක්ම රටේ ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම තමයි අපේ අරමුණ.

ව්‍යවසායකයින් 500ක් බිහි කිරීම ඒ සඳහා හොඳ ක්‍රියාමාර්ගයක්. ආර්ථික සංහිඳියාව සඳහා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව පවතින ඉඩම් ඉල්ලන්න ආවා දූරියන් වගාවට.

මැලේසියාවට දූරියන් යවන්න අක්කර 500ක් ඉල්ලුවා. හේතුව විදේශ විනිමය උපයනවා කියලා.

නමුත් අපේ අමාත්‍යංශයේ මූලික පදනම අපේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ආහාර බෝග නිෂ්පාදනය කිරීමයි. ඒ වෙනුවෙන් ලබාදිය යුතු ඉඩම් වෙනත් අරමුණු සඳහා අප විසින් ලබා දෙන්නේ නැහැ. නව ලිබරල්වාදය ගැන පසුගිය පාලකයෝ ගෙනාපු ආකල්පය තමයි, රජය ආර්ථික කටයුතුවලින් නිදහස විය යුතුයි කියන අදහස.

කල්කිරි බෝතලයක් බොන්න අදත් අපි හොයනවා.

එවැනි නිෂ්පාදන වස විස නැති නිෂ්පාදන ලෙස සැකයකින් තොරව භාවිත කරන්න පුළුවන්.

නව ලිබරවල්වාදය නාමෙන් සියලු වස විස වෙළඳපොළට ආවේ ඒ අනුවයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ වැනි ආයතනරජයෙන් අයින් කලේ මේ නව ලිබරල්වාදය එනම්, රජය ආර්ථිකයෙන් අයින් වීම නිසයි.

සියලු රාජ්‍ය ආයතන කඩා වැටීමේ ප්‍රතිඵලයක් විදියට රාජ්‍ය සේවයක් කඩන් වැටුණා. ඉස්සර රජයේ ආයතනවල වැඩ කරනවා කියන්නේ විශාල පිළිගැනීමක් තියෙන දෙයක්. නමුත් දැන් රජයේ සේවකයා දිහා බලන්නේ හොරා කියන ආකල්පය ඇතිවයි.

මුළු රටම බිඳ වැටුණේ ක්ෂේත්‍ර දෙකක් නිසයි. පළවෙනි එක තමයි දේශපාලනය.දෙවැන්න රාජ්‍ය සේවය . ප්‍රතිපත්තියක් වශයෙන් අපි කල්පනා කළා, මේ දෙක පළමුව හදන්න ඕන කියලා. මේ දෙක නොහදා රට හදන්න බැහැ. අපි ඉන්නේ රටේ පරිවර්තනය යුගයක.

අපි විශ්වාස කරනවා දේශපාලන පරිවර්තනය හොඳින් කළ බව. හොරකම, වංචාව, දූෂණය සියයට සියයක් නතර කරලා තියෙනවා. පළාත් පාලන ආයතනවල යාන්ත්‍රණය පිහිටුවීමෙන් අනතුරුව හොරකම, වංචාව, දූෂණය සියයට සියයක් අවසන් කළ හැකියි.

රාජ්‍ය සේවයේ පඩි මදිනම් පඩි වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එවැනි දේට වෘත්තීය සමිතියක් වශයෙන් අපිත් උදව් කරනවා.”

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා, මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය මහතා ඇතුළු ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved