රන් හා රිදී ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත්තේය.
දුමින්ද අද අධිකරණයට
රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊයේ අත්අඩංගුවට ගත් ඔහුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය රඳවාගෙන ප්‍රශ්න කරයි.
හිටපු අමාත්‍යවරයා බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි අත්අඩංගුවට ගැනීම සිදුවිය.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් පැහැ ගැන්වූ ගිනි අවියක් සොයා ගෙන තිබුණි.
ගිනි අවියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය කරගෙන තිබූ අතර පසුව ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදී.
හිටපු අමාත්‍යවරයා මීට මාස 6කට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය තම හිතවතියක වූ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවගේ නිවසට යවා ඇති බවටයි පොලීසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.