Connect with us

ඡායාරූප සටහන

ජපානයේ සවරා හී ලංකා ජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මෙවරත් උත්සවාකාරයෙන්…

Published

on

ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින දවස පුරා  ජපානය වාසය කරන සිංහල බෞද්ධ සැදැහැවතුන් සහ අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.

ථෙරවාදී සම්ප්‍රදායානුකූලව ජපානයේ 41 වන වරටත් පැවැත් වූ වෙසක් පුණ්‍ය මහෝත්සවය ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහ බෝධි සංගමයේ සභාපති, ලංකාජී විහාරයේ නිර්මාතෘ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස  අභිනවයෙන් පත් වූ මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්‍යයන් මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික සහ ජපන් බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

බානගල උපතිස්ස නා හිමියන්ගේ  අනුශාසනා පරිදි සවරා ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියන්ගේ සංවිධායකත්වයෙන්  පැවැති මෙම වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී   උදෑසන කිරි ආහාර සහිත සම්බුද්ධ පූජාව  සහ දහවල් සම්බුද්ධ පූජාව සහ සවස චතුමධුර සහිත අටවිසි  ගිලන්පස බුද්ධ පූජාව  ලංකාජී විහාරවාසී ගලබඩ අස්සජි ස්වාමීන්  වහන්සේ  සිදු කළහ. එම අවස්ථාවට විහාරවාසී හේනේගෙදර ශීල භද්‍ර හිමිපාණෝ ද මොට්ටුනේ  අංගිරස හිමියෝ ද එක් වූහ.

පුණ්‍ය  උත්සවය මෙහෙයවීම ලංකාජී  විහාරවාසී යටවර පඤ්ඤාරාම හිමියෝ  සිදු කළහ. විහාරස්ථ දායක සභාව මෙදින විහාරවාසී සහ වැඩමවා වදාළ  මහ සංඝරත්නය උදෙසා උදෑසන සහ දහවල්  සපිරිකරගත සංඝ දක්ෂිණාවන් පැවැත්වීම සිදුකෙරින.  ඊට අමතරව ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික පවුල් සහ ආයතන සංවිධානය කර තිබූ ආහාරපාන,තේ පැන්  දන්සැල් විහාර පරිශ්‍රයේ දවස පුරා පැවැත්වුණි.

මෙහි දී අදහස් දැක්වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා  ප්‍රකාශ කළේ වසර හතලිහකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් ජපානයට පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසකට සිය ජීවිතය මං මුලා නොවී සාර්ථක කරගැනීමට එදා පටන්ම මග කියා දුන් බානගල නායක හාමුදුරුවෝ, මීට වසර විසි එකකට පෙර තමන්  ජපානයට පැමිණි අවස්ථාවේ ද නොමසුරුව තමන්ට කියා දුන් බවත්,බානගල නායක හාමුදුරුවන් වහන්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගූ ශක්තිමත් සබඳතාවේ පාලම අපි නිවැරදිව පාවිච්චි කළා නම් අද අපේ රට ආර්ථික හා සංස්කෘතික වශයෙන් මීට වඩා විශාල  තැනකට ඔසවා තැබීමට  හැකියාව තිබූ බවත් එම නිසා  ජපානය සහ ශ්‍රී ලංකාව අතර එම සබඳතාව වර්තමාන රජය යටතේ ඉහල තැනකට ගෙන  උන් වහන්සේගේ අවවාද අනුශාසනා අපේක්ෂා කරන බවය.

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading

කලා

හැරී පොටර් රසිකයන්ට අලුත් ආරංචියක් (ඡායා)

Published

on

By

ලොකු කුඩා කා අතරත් එක සේ ජනප්‍රියත්වයට පත් Harry Potter පොත් මාලාවෙන් Harry Potter රූපවාහිනී කතාමාලාව නිපදවීමට යන බව වාර්තා වේ.

ඒ අනුව හැරී පෝටර්, හර්මයිනී ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා ශිල්පීන් තෝරාගෙන ඇති බව සඳහන්ය.

මෙසේ තෝරා ගත් ශිල්පීන් ලෙස හැරී පෝටර්ගේ චරිතය වෙනුවෙන් Dominic McLaughlin ද, හර්මයිනී ග්‍රේන්ජර්ගේ චරිතයට Arabella Stanton මෙන්ම රොන් වීස්ලිගේ චරිතයට Alastair Stout ද රංගනයෙන් දායක වීමට නියමිතය.

මෙම තෝරගැනීමට අඳාළ තිර පරීක්ෂණ සඳහා ළමා නළු නිළියන් 32,000 වැඩි පිරිසක් සහභාගී වී තිබේ.

එසේම අල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට John Lithgow, මිනර්වා මැක්ගොනගල්ගේ චරිතයට Janet McTeer, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ්ට Nick Frost ද තෝරා ගෙන ඇත.

එහෙත් වොල්ඩර්මෝට් චරිතය සඳහා කතාමාලාවට රංගනයෙන් දායක වීමට සුදුසු නළුවෙකු මේ වන තෙක් තෝරාගෙන නැති බව වාර්තා වේ.

එසේම J.K. රොව්ලින්ග් ලියූ මෙම පොත් මාලාවේ මුල් පොත් 7ට අනුකූල වන අයුරින්, එක් පොතකට එක් කතාසමයක් ලෙස සැලසුම් කර ඇත.

ඒ අනුව එය වසර 10ක් පුරා දිවයන අයුරින් සැලසුම් වී තිබෙන අතර  Mark Mylod කතා මාලාවේ අධ්‍යක්ෂකවරයා වේ.

පෙර චිත්‍රපට පරිදීම Waer Bros.Studios මඟින් මෙය ද නිශ්පාදනය කරනු ලබන බව සඳහන්ය.

මෙම ව්‍යාපෘති‍යේ විධායක නිෂ්පාදිකාව J.K. Rowling වන අතර 2027 වසරේ දී මෙහි පළමු කතා සමය නිකුත්වීමට නියමිතව  තිබේ.

Continue Reading

ඡායාරූප සටහන

ලාංකේය රිදී තිරයේ සදාතනික තාරකාවිය එසේ සමුගත්තාය…(ඡායා)

Published

on

By

හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ඊයේ (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි.

පසුගිය 24 දා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකා මහත්මිය මිය යන විට 78 වන වියේ පසුවූවාය.

පසුගිය 24දා සවස මාලනි ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන ආ අතර එය පසු දින පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබීය.

ඊයේ පෙරවරුවේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ අතර ඒ අනුව අද පස්වරු 3.30 දක්වා මහජන ගෞරව සඳහා දේහය නිදහස් චතුරස්‍ර පරිශයේ තැන්පත් කරනු ලැබීය.

පසුව පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන ආ අතර එහිදි මහා සංඝරත්නය විසින් දේහය පිළිබඳව ආගමික වතාවත් සිදුකරනු ලැබීය.

පසුව පස්වරු 5.45ට පමණ දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කෙරුණු අතර එහිදී ඉන්ද්‍රචාපා ලියනගේ සහ ආනන්ද ගමගේ විසින් චිතකය වෙත ගිනි දැල්වීය.

හෙළ සිනමාවේ නිළි රැජිනියනි ඔබට නිවන් සුව….!

ඡායා – නිරෝෂා ජයවර්ධන

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved