ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ලොව රටවල පැතිර යාමේ අවදානමක් පවතින බව නිවේදනය කර තිබේ.
සියලුම රටවල සෞඛ්‍ය බලධාරීන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුවත් කර ඇති අතර ඉදිරියේදී විය හැකි මහා ව්‍යසනයන් වලක්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සුදානම් කර ගන්න ලෙස ද දැනුම් දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ මේ වන විට චීනය සහ ඉන්දියාව වැනි රටවල කොරෝනා වෛරසය සීග්‍ර ලෙස පැතිර යන බවය.
එය ඉතාමත් වේගයෙන් ලොව අනෙකුත් රටවලට පැතිර යාමට ඉඩ පවතින බැවින් ඒ සඳහා දැඩි විමසිල්ලෙන් පසුවන බවද ලෝක සෞඛය සංවිධානය පෙන්වා දෙයි.
එමෙන්ම නිරන්තරයෙන් මුඛ ආවරණයක් පළඳින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
නව COVID-19 ප්‍රභේදය මගින් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ වැඩි කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසූවේ PCR පරීක්ෂණ පහසුකම් සහිත රෝහල් COVID-19 රෝගියෙකු හඳුනා ගැනීම සඳහා මේ වනවිට සූදානමින් පවතින බවය.
ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය. තවද, උණ රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා හෝ ඇතුළත් වන රෝගීන් පිළිබඳ නිරීක්ෂණ වැඩි කරන ලෙස අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී ඇති බව ලේකම්වරයා පැවසීය.
යළිත් ලොව යම් යම් රටවල මතුවෙමින් පවතින කොවිඩ් වෛරස ආසාදනයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බවද, සීමාවන් පැනවීම දැනට අවශ්‍ය නැති බවත් ඔහු අවධාරණය කළේය.