Connect with us

පුවත්

පෝලන්ත විදේශ අමාත්‍යවරයා හා ජනපති හමුවේ

Published

on

මෙරටට පැමිණ සිටින මේ වන විට යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski)  මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඉදිරියේදී ගෝලීය වශයෙන් රටට මුහුණ දීමට සිදු වන ආර්ථික අභියෝග  ජය ගැනීමට යුරෝපා සංගමයේ සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය.

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරුබදු ක්‍රමය හමුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සීමාවන් තුළ කටයුතු කිරීමේ දී  ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන අභියෝගවලදී යුරෝපා සංගමය සමඟ පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ලබාදී ඇති GSP+ සහනය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යුරෝපා සංගමය දක්වන ධනාත්මක ප්‍රතිචාරය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අගය කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ  පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සිය සංචාරය මගින් යුරෝපා සංගමයට මෙන්ම පෝලන්තයටද ශ්‍රී ලංකාව කෙරෙහි පවතින සුවිශේෂී අවධානය පිළඹිබු වන බවයි.

ශ්‍රී ලංකා – පෝලන්ත ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර පවතින වසර 50ක ආර්ථික සහ වෙළෙඳ සබඳතා හා වසර 30ක සංවර්ධන සහයෝගීතා වැඩපිළිවෙළ මෙහිදී සිහිපත් කළ පෝලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නව රජය සමග සමීප සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය. 

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved