Connect with us

පුවත්

අතරමංවී සිටින ධීවරයින් හෙලිකොප්ටරයකින් බේරා ගනියි

Published

on

බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී අතරමංවී සිටි ධීවර යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙකු මේ වනවිට බේරාගෙන තිබේ .

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ධීවරයින් බේරාගැනීම සඳහා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානය යොදවා ඇත.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙලෙස හෙලිකොප්ටරයක් මෙහෙයුම් සඳහා එක්කර තිබේ.

සබැඳි පුවත්

පුවත්

නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

Published

on

By

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම නගර සභාවට අයත් අංක 12 ගව මස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේදි සිදුව රජයට සිදුව ඇතැයි කියන පාඩුවක් සම්බන්ධයෙනි.

එහිදී ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රුපියල් විසිතුන් ලක්ෂ අසූදහසක පාඩුවක් රජයට සිදු කිරීමේ චෝදනාව මත හිටපු සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් අද (02) දින අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

ක්‍රීඩා

ජාතික තේරීම් කමිටුව පත්කරයි

Published

on

By

ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම පත් කිරීම සිදුකර ඇත.

එහිදී ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශ මහත්මිය පත් කිරීමටද පියවර ගෙන තිබේ.

එම කමිටු නිලධාරීන් පහතින්

01. ශ්‍රියානි කුලවංශ – (සභාපති  – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව)
02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ  – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )
03. මේජර් රාජිත සමරසේකර –  (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
04.  කමල්  ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී  –  ක්‍රීඩා අමාත්‍යංශය )
05. රුවන් පෙරේරා   – (පාසල්  ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල)
06. ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව )
07. සුරේෂ් සුබ්‍රමනියම් –   (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)
08. අනුරාධා ඉලෙපෙරුම –   (අතිරේක ලේකම් – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)

Continue Reading

පුවත්

හල්ලොලුව යළි රිමාන්ඩ්

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved