Connect with us

පුවත්

ආසනගත නීතිය ඉවතට; බස්වල පොල් පැටවීමට අවසරයි!

Published

on

බස් ගාස්තුව සියයට 13.8 කින් අඩු කිරීමට නොහැකි, ආසනගත මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය අද සිට (06) ඉවත් කරන බවත් ඒ බව ලිඛිතව ප්‍රවාහන ඇමැතිවරයාට දැනුම් දෙන බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආසනගතව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැනවූයේ බස් ගාස්තුවද සියයට විස්සකින් ඉහළ දමමිනි. 

නමුත් කොවිඩ් ව්‍යාප්තියෙන් පසුව එම ප්‍රතිශතයෙන් සියයට දහයක් පමණක් අඩු කරනු ලැබීය.

මේ වනවිට එම නීතිය ක්‍රියාත්මක නොවන අතර තවමත් අඩු කර නොමැති සියයට දහයක ප්‍රතිශතයද අඩු කරදෙන ලෙසට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවස්ථා රැසකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීම් කර තිබුණි.

පසුගියදා ඩීසල් මිල රුපියල් 15 කින් හා ඊට පෙර අවස්ථාවක රුපියල් 10 කින් අඩුවීමත් ඒ අනුව අඩුවී ඇති රුපියල් විසිපහක ගාස්තු එක් කිරීමෙන් සියයට 3.8 ක ප්‍රතිශතයක් පැවතීමත් බස් ගාස්තු අඩු කිරීමට නම් සියයට 4 ක ප්‍රතිශතයක් පැවතිය යුතු බවත් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල අමතා ඊයේ සඳහන් කර තිබුණි.

එහිදී ප්‍රවාහන ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ් සමයේ ආසනගතව මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය ඉවත් කර ලිඛිතව දැනුම් දෙන්නේ නම් බස් ගාස්තුව අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි.

මේ ආකාරයෙන් බස් ගාස්තුව සියයට 13.8 කින් අඩු කරන්නේ නම් දැනට රුපියල් 34 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් පහකින් පමණ අඩු කළ හැකි බවත් සෙසු ගාස්තුද ඒ ආකාරයෙන්ම අඩුවන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව සඳහන් කළේ මෙම නීතිය ඉවත් කළ බවට නිල වශයෙන් දැනුම් දුන් විගසම බස් ගාස්තුවේ සහනය මගී ජනතාව වෙත සලසා දීමට පියවර ගන්නා බවය.

(අරුණ)

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved