Connect with us

පුවත්

දේශබන්දුට 43කගේ පොලිස් ආරක්ෂාව දීලා –  වැ.බ. පොලිස්පති සාක්ෂි දෙයි

Published

on

මාතර, වැලි­ගම W15 හෝට­ල­යට වෙඩි තැබීමේ සිද්ධි­යේදී මිය ගිය පොලිස් නිල­ධා­රි­යාට පොලිස් ත්‍යාග මුදල් ලෙස ලබා දුන් ලක්ෂ 15ක මුද­ලට අම­ත­රව ජනා­ධි­පති අර­මු­ද­ලින් ලක්ෂ 25ක් ලබා දීමට කට­යුතු කර ඇති බවත් ඒ වෙනු­වෙන් එව­කට ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඊට අදාළ ඉල්ලීම කර­න්නට ඇත්තේ එව­කට පොලී­සිය භාර ඇමැ­ති­ව­රයා වූ මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා බවට තමන් විශ්වාස කරන බව වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.

එම ඉල්ලීම පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට සිදු­කළ නොහැකි අතර මිය­ගිය අදාළ පොලිස් නිල­ධා­රි­යාට ජනා­ධි­පති අර­මු­ද­ලින් ලක්ෂ විසි­ප­හක මුද­ලක් ලබා­දීමේ යෝජ­නාව ඇමැති ටිරාන් අලස් මහ­තාට යොමු­ක­ර­න්නට ඇත්තේ දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් බවද හෙතෙම පැව­සීය.

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කොන් මහතා සිදු කර ඇතැයි කියන විෂ­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙක් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව ඊයේ (17) රැස් වූ අව­ස්ථාවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රියන්ත වීර­සූ­රිය මහතා මේ බව සඳ­හන් කළේය.

ජනා­ධි­පති අර­මු­ද­ලින් හා පොලිස් ත්‍යාග අර­මු­ද­ලින් ලබාදී ඇති රුපි­යල් ලක්ෂ හත­ලි­හක මුද­ලක් මිය­ගිය නිල­ධා­රි­යාගේ බිරි­යගේ බැංකු ගිණු­ම­කට යොමු­කර ඇති බවත් එම මුදල ලබා­ගත නොහැකි වන ආකා­ර­යෙන් අත්හි­ටු­වී­ම­කට ලක්කර ඇති බවත් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය.

මාතර වැලි­ගම ඩබ්ලිව් 15 හෝට­ල­යට වෙඩි තැබීමේ සිදු­වී­මේදී මිය ගිය නිල­ධා­රි­යාගේ තන­තු­රක් ඉහළ දමන ලෙසද ඉල්ලී­මක් කර ඇති බවද ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පැව­සීය.

මාතර, වැලි­ගම මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව (CID) සහ විශේෂ විම­ර්ශන ඒක­කය (SIU) හරහා විම­ර්ශන දෙකක් සිදු කරන බැවින් එම ඉල්ලීම මෙතෙක් ක්‍රියා­ත්මක කර නොමැති බවද ඔහු කමි­ටුව හමුවේ අව­ධා­ර­ණය කළේය.

මෙහිදී අද­හස් දැක්වූ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා සඳ­හන් කළේ අදාළ නිල­ධා­රි­යාගේ බිරි­යගේ ගිණු­මට මෙලෙස බැර­කර ඇත්තේ රාජ්‍ය මුදල් බැවින් මෙවැනි ආකා­ර­යට එම මුදල් අව­භා­විත වීමට ඉඩ දිය නොහැකි බවයි.

මේ අතර, ජාතික පොලිස් කොමි­ෂන් සභාව විසින් පුව­ත්පත් වාර්තා­වක් අමුණා එව­මින් මාතර, වැලි­ගම W15 හෝට­ල­යට වෙඩි තැබීමේ සිද්ධි­යට අදා­ළව වාර්තා­වක් ලබා දෙන ලෙස එව­කට වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාව සිටි දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තා­ගෙන් අවස්ථා දෙක­කදී දැනුම් දීම් සිදු කර ඇති බවද වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පැව­සීය.

එසේ වූවද ඊට අදා­ළව දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් අවස්ථා දෙක­කදී ජාතික පොලිස් කොමි­ෂන් සභාව වෙත යොමු­කර ඇත්තේ එකම ලිපිය බවද මෙහිදී අනා­ව­ර­ණය කළේය.

අන­තු­රුව තමා­ටද පොලිස් කොමි­සම විසින් අදාළ පුව­ත්පත් ලිපිය සමග මෙම සිදු­වීම ගැන වාර්තා­වක් ලබා දෙන ලෙස ලිඛි­තව දැනුම් දුන් බවත්, ඒ සඳහා මාස­යක පමණ කාල­ය­කින් ලබා දෙන ලෙස දැනුම් දුන් පසු එම වාර්තාව යොමු කළ බවත් සාක්ෂි­කාර පොලි­ස්ප­ති­ව­රයා කමි­ටුව හමුවේ සඳ­හන් කළේය.

මේ අතර, මීට පෙර දැනු­ම්වත් නොක­ළද මෙම වෙඩි තැබීමේ සිද්ධි­යට සහ­භාගි වූ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ (CCD) නිල­ධා­රින් අදාළ වෙඩි තැබීම සිදු කළ අව­ස්ථාවේ පැමිණි ජංගම මුර සංචා­රයේ නිරත වූ පොලිස් නිල­ධාරී කණ්ඩා­ය­මට සිය කණ්ඩා­යම පොලිස් නිල­ධා­රීන් යනු­වෙන් හඳු­න්වා­දී­මට කට­යුතු කළ යුතුව තිබූ බවත්, එසේ සිදු නොකර මෙලෙස පලා­යා­මට උත්සාහ කිරී­මෙන් මෙම සිද්ධිය මීට වඩා ව්‍යස­න­කාරී සිද්ධි­යක් බවට පත්වී­මට ඉඩ තිබූ බවත් සාක්ෂි­කාර වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා කමි­ටුව හමුවේ පැව­සීය.

එව­කට පොලි­ස්ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ විත්ති­කාර දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ 28ක්, බස්නා­හිර පළාත් බුද්ධි කොට්ඨා­සයේ 09ක් සහ විශේෂ ආර­ක්ෂක කොට්ඨා­සයේ 06ක් ලෙස 43 දෙනෙ­කුගේ ආර­ක්ෂා­වක් ලබා දී තිබූ බවත්, කෙසේ වෙතත් නොදන්වා සැඟව සිටීම‌ට පොලි­ස්ප­ති­ව­රයා කට­යුතු කිරී­මත් සමඟ එම 43 දෙනා නැවත අදාළ කොට්ඨා­ස­ව­ලට කැඳ­වීම සිදු කළ බවත් සාක්ෂි­කාර වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය. මෙලෙස පලා­ගිය අව­ස්ථාවේ පොලි­ස්ප­ති­ව­ර­යාගේ නි‍ෙවසේ තිබී ඔහුගේ රාජ­කාරී ගිනි අවිය රෙදි­ව­ලින් ඔතා රෙදි සෝදන යන්ත්‍රය තුළ දමා තිබි­යදී සොයා ගත් බවත් ඔහු පැව­සීය.

පොලි­ස්පති ධුරයේ වැඩ තහ­න­මට ලක්වූ­වාට පසු වැටුප් සහ දීමනා ලබා දීම සම්බ­න්ධ­යෙන් තමා පළ­මුව නීති­ප­ති­ව­ර­යා­ගෙන් විමසූ අතර, එහිදී නීති­ප­ති­ව­ර­යාට මෙය අදාළ කාර­ණ­යක් නොවන බැවින් එය විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් විම­සන ලෙස නීත­ප­ති­ව­රයා දැනු­ම්වත් කළ බවත්, ඒ අනුව විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් කළ විම­සී­මේදී වැටුප් ගෙවීම ගැට­ලු­වක් නොවන බව දැනුම් දුන් බවත් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා සඳ­හන් කළේය.

ඒ අනුව, මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට වරෙන්තු නිකුත් කිරී­මට නියෝග කරන තෙක් මෙම වැටුප් හා දීමනා ගෙවී­මට කට­යුතු කළ බවත්, අන­තු­රුව මෙම නියෝ­ග­යත් සමඟ අත්හි­ටවූ බවත් සාක්ෂි­කාර වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පැව­සීය.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා,

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ පත්වීම අත්හි­ටු­වී­මට පත්වීම් බල­ධා­රියා කට­යුතු කර තිබු­ණාද?

සාක්ෂි­කරු – නැත ස්වාමීනි.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා,

ඔහුගේ පත්වීම් බල­ධා­රියා කව්ද?

සාක්ෂි­කරු – ජනා­ධි­ප­ති­ව­රයා

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා,

එතුමා භුක්ති විඳි වර­ප්‍ර­සාද ඉවත් කිරී­මට කට­යුතු කළාද?

සාක්ෂි­කරු – දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අනෙ­කුත් වර­ප්‍ර­සාද භුක්ති විඳින බැවින් ගත­යුතු තීරණ සම්බ­න්ධ­යෙන් අදාළ ප්‍රධා­නින් මගෙන් විම­සී­මක් කළා. ඒ අනුව මම ඒ සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­ර­යා­ගෙන් විම­සී­මක් සිදු කළා. ඒ අනුව එතුමා මාවෙත සඳ­හන් කළේ මේ සම්බ­න්ධ­යෙන් විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් විම­සීම් කළ යුතු බවයි.

ඒ අනුව මේ සම්බ­න්ධ­යෙන් මම විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් විම­සීම් කළා. එහිදී විග­ණ­කා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේ වැටුප් හා අන්තර් නිවාඩු තැබී­ම­කට සමාන බැවින් වැටුප ගෙවිය හැකි බවයි. ඒ අනුව වැටුප් ගෙවීම් සිදු කළා.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා,

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් ඒ මහතා ධුරයේ කට­යුතු කිරීම වැළැ­ක්වීම වෙනු­වෙන් ගෙන තිබූ තීර­ණ­යෙන් පසුව වැටුප් හා දීමනා ලබා­දු­න්නාද?

සාක්ෂි­කරු – නැත

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා,

දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට ලබාදී තිබූ වාහන සම්බ­න්ධ­යෙන් වාර්තා­වක් ලබා­ග­ත්තාද?

සාක්ෂි­කරු – ඒ සම්බ­න්ධ­යෙන් වාර්තා­වක් ලබා­ගත්තා. ඒ අනුව පොලි­ස්ප­ති­ව­ර­යාට ජීප් 10ක්, මෝටර් රථ තුනක්, බයික් ආදි වශ­යෙන් ලබාදී තිබුණා.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා,

එවැනි වාහන සංඛ්‍යා­වක් ලබාදී තිබුණා.

සාක්ෂි­කරු – මෙම වාහන එතු­මාගේ පෞද්ග­ලික පරි­හ­ර­ණය සඳහා නෙවෙයි. එම වාහන පොලි­ස්පති කාර්යා­ලය වශ­යෙන් වෙන්ක­රන්නේ. අව­ශ්‍ය­තා­වය අනු­වයි පරි­හ­ර­ණය කරන්නේ. ඒ වගේම ආර­ක්ෂාව වෙනු­වෙන් දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ 28ක්, බස්නා­හිර පළාත් බුද්ධි කොට්ඨා­සයේ 09ක් සහ විශේෂ ආර­ක්ෂක කොට්ඨා­සයේ 06ක් ලෙස 43 දෙනෙ­කුගේ ආර­ක්ෂා­වක් ලබා දී තිබුණා. කෙසේ වෙතත් නොදන්වා සැඟව සිටීම‌ට පොලි­ස්ප­ති­ව­රයා කට­යුතු කිරී­මත් සමඟ එම 43 දෙනා නැවත අදාළ කොට්ඨා­ස­ව­ලට නැවත කැඳ­වූවා.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා,

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පදිං­චිව සිටි නි‍ෙවස පරීක්ෂා කිරී­මේදී ගිනි අවිය හා උණ්ඩ හමු­වු­ණාද?

සාක්ෂි­කරු – ඒ මොහොත වන­විට දේශ­බන්දු තෙන්න­කෝන් මහතා නි‍ෙව­සින් ඉවත්ව ගොස් සිටියේ. ආර­ක්ෂක නිල­ධා­රින්ද අත­හැර දමා. ඒ නිසා අදාළ නිල­ධා­රින් කලින් සේවය කළ ස්ථාන­ව­ලට අනු­යුක්ත කළා. ඒ වගේම එතු­මාගේ නි‍ෙවසේ රෙදි සෝදන යන්ත්‍රය තුළ තිබී එතු­මාගේ රාජ­කාරි ගිනි අවිය සහ උණ්ඩ දහය හමු­වුණා.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා,

වැලි­ගම සිදු­වී­මේදී මිය­ගිය උපුල් නම් නිල­ධා­රි­යාට පොලිස් ත්‍යාග අර­මු­ද­ලින් රුපි­යල් ලක්ෂ 15ක් ලබා­දී­මට කට­යුතු කර තිබෙ­න­වාද?

සාක්ෂි­කරු – එසේය ස්වාමිනි. ලබාදී තිබෙ­නවා. ලක්ෂ තුන­කට වැඩි ගෙවීම් වෙනු­වෙන් අනු­මැ­තිය ලබා­දිය යුත්තේ පොලි­ස්ප­ති­ව­රයා විසින්. නමුත් පොලිස් ත්‍යාග අර­මු­ද­ලින් මුදල් ලබා­දී­මේදී අනු­ග­ම­ණය කළ යුතු ක්‍රම­වේ­ද­යක් තිබෙ­නවා. එය විධි­මත් ලෙස සිදු­කළ යුතුයි. එවැනි ගෙවීම් සිදු­කළ හැකි ආකා­රය සම්බ­න්ධ­යෙන් පොලිස් චක්‍ර­ලේඛ, අණ පනත් ආදී සිය­ල්ලෙ­හිම සඳ­හන් වෙනවා. නමුත් ඇතු­ළත් කළ යුතු උදෘ­ත­යන් පවා නොමැ­තිව හදිසි අව­ශ්‍ය­තා­ව­යක් පරි­ද්දෙන් තමයි මෙම ඉල්ලීම සිදු­කර තිබෙන්නේ.

නීතිඥ සංජය වීර­වි­ක්‍රම

බර­ප­තළ චෝද­නා­වක් කලා මගේ සේවා දාය­ක­යාට.සැගව සිටියා කියලා පලා ගොස් සැගව සිටියේ නැහැ.මොහු කාලය ගත කළේ නීතිඥ රොමේශ් ද සිල්වා ඇතුලු කණ්ඩා­ය­මක් සම­ගයි.මා සම­ගත් කාලය ගත කලා යැයි මෙහිදී වග­උ­ත්ත­ර­කාර දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටී නීතිඥ සංජය වීර­වි­ක්‍රම මහතා සඳ­හන් කළේය.

එහිදි සභා­පතී ප්‍රිතී පද්මන් සූර­සේන මහතා සද­හන් කළේ මෙතන නැති සාක්ෂි හැදී­මෙන් වළ­කින ලෙසයි.

(දිනමිණ)

පුවත්

කෙහෙළිය, බිරිඳ සහ දුවට ඇප (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.


(පෙර පුවත 2025 ජූනි 18 ප.ව.4.24 )

කෙහෙළිය, බිරිඳ හා දියණිය අධිකරණයට රැගෙන එයි


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

අද (18) දහවල් මොවුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 18 ප.ව.2.10 )

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ හා දියණිය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකටය.

 


(පෙර පුවත 2025 ජූනි 18 පෙ.ව.10.06 )

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මහින්දගේ සේවයට ජනපති අනුරගෙන් ඇගයුමක්

Published

on

By

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට එතුමා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාවද පිරිනැමීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන්, අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.

පුද්ගලයන්ගේ සැබෑ වටිනාකම් වෙනුවට, වෙනත් දේ වටිනාකම් බවට පත්ව ඇති මෙම යුගයේදී රටත්, සමාජයත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුද්ගල වටිනාකම් පිළිබඳ නව හර පද්ධතියක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධිපරිභෝජනවාදී, දූෂණයෙන් අගතියට පත් රාජ්‍ය සේවයක් වෙනුවට මනුෂ්‍යත්වයෙන් සහ අනෙකා කෙරහි සංවේදී වෙමින් වගකීම් ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවද පැවසීය.

එසේම, රාජ්‍ය සේවය පුරවැසියන්ට ඉහළින් තිබෙන සහ ජනතාව සමග කිසිදු සබඳතාවක් නොමැති යාන්ත්‍රණයක් නොවිය යුතු සේම, තීන්දු තීරණ ගැනීමේදී සෑම විටම, එම තීන්දුවලින් ජන ජීවිතයට එල්ල විය හැකි බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අත්දැකීම් බහුල සහ ගැඹුරු අවබෝධයක් ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වූ මහින්ද සිරිවර්ධන මහතාගේ රාජකාරී ජීවිතයෙන් තරුණ රාජ්‍ය නිලධාරින්ට ලබා ගත හැකි ආදර්ශ බොහෝ බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ වසර 03ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව බවයි. රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඒ මහතා, තම ධුරයේ කටයුතුවලදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සහාය විශාල ශක්තියක් වූ බවද සඳහන් කළේය. එසේම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ තිබූ විශ්වාසය, දරා ගැනීම සහ අසීමිත කැපවීම නොවන්නට රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇති බවද මහින්ද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ විශිෂ්ට සේවාව අගයමින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ මහින්ද සිරිවර්ධන මහතාගේ පවුලේ ඥාතීහු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව අවසනට පෙර උණුසුම් වේ (වීඩියෝ)

Published

on

By

අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු අවසන් කිරීමට ප්‍රථම සභාවේ දැඩි නොසන්සුන්තාවයක් මතුවිය.

ඊශ්‍රායල හා ඉරානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාගර්භයේ නොසිටීම මෙම උණුසුම්කාරී තත්ත්වය සඳහා හේතු විය.

ඒ හේතුවෙන් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා විසින්  අද පස්වරු 05.30 දක්වා පැවැත් වීමට තිබූ පාර්ලිමේන්තුවේ කටයුතු හෙට පෙරවරු 9.30 දක්වා කල් තබන ලදී.

වීඩියෝ – Voice Tube

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved