Connect with us

පුවත්

ඊශ්‍රායලයෙන් පිටවීමට ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සූදානම්

Published

on

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ අතර ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20) සහ හෙට (21) තානාපති කාර්යාලය විවෘතව පවතින බව හෙතෙම සඳහන් කලේය.

“ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න අය අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. යුද්ධය ආරම්භ වූ ජූනි 14 වන දා සිට යම් අයෙකුගේ වීසා කාලය කල් ඉකුත් වෙලා තියෙනවා නම් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කළ විට ගුවන් සමාගම්වලට දැනුම්දෙන බව දැනුම්දීලා තියෙනවා අපිට. 

ඒ නිසා වීසා කල් ඉකුත් වුණත් රටට ඇතුළු වෙන්න අවසර දෙන්න ටිකට් පත් නිකුත් කරන්න කියලා. ඒ නිසා ඔවුන්ට නැවත පැමිණීමේ හැකියාව තියෙනවා.

ඊයේ දිනයේ දී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙක් තානාපති කාර්යාලයට පැමිණියා, ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යයි කියලා. ඒ අනුව අපි කයිරෝවල තියෙන අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන්වූවා. දේශසීමා හරහා යන්න අවසර දෙන්න කියලා අපි දැනුම් දුන්නා. 

මම හිතනවා ඉදිරි දිනවල ලාංකිකයින් මේ වගේ ලංකාවට යන්න බලාපොරොත්තු වෙයි කියලා. ඒ සියලුමදෙනාට තානාපති විදියට උදව් කරන්න කැමතියි. ඊශ්‍රායලයේ අද සහ හෙට නිවාඩු වුවත් අපි තානාපති කාර්යාලය විවෘතව තබා තියෙනවා මෙවැනි අයට උදව් කිරීම සඳහා.”

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading

පුවත්

RMV නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන්  තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ජුලි මස 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගර කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (20) මෙම නියෝගය නිකුත් කළාය.

බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තිබූ බවට අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ පවසා සිටින ලදී.

Continue Reading

පුවත්

කෙහෙළියගේ දියණියට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහරිනු ලැබීය.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු හා හා බෑනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව එක් එක් සැකකරු රුපියල් 50, 000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට අධිකරණය නියම කළේය.

කෙසේ වෙතත් එහිදී චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ලට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇයව අද දිනය දක්වා බන්ධනාගාර භාරයේ සිටියාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved