Connect with us

පුවත්

ගතවූ මාස 06ට රිය අනතුරුවලින් 2000කට ආසන්න පිරිසක් මරුට

Published

on

2025 වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

2025 ජනවාරි 01 සිට ජුනි 15 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 1,133 ක් වාර්තා වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී මියගිය පුද්ගලයින්ට අමතරව 7,152දෙනෙකු බරපතළ තුවාල  ලබා ඇති බව ඔහු පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසූවේ නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මෙම මාර්ග අනතුරු සිදුවන බවය.

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading

පුවත්

RMV නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන්  තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ජුලි මස 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගර කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (20) මෙම නියෝගය නිකුත් කළාය.

බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තිබූ බවට අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ පවසා සිටින ලදී.

Continue Reading

පුවත්

කෙහෙළියගේ දියණියට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහරිනු ලැබීය.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු හා හා බෑනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව එක් එක් සැකකරු රුපියල් 50, 000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට අධිකරණය නියම කළේය.

කෙසේ වෙතත් එහිදී චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ලට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇයව අද දිනය දක්වා බන්ධනාගාර භාරයේ සිටියාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved