Connect with us

පුවත්

කෝච්චි පාරට අලි ආවොත් SMS පණිවුඩයක්

Published

on

වල් අලි දුම්රිය මාර්ගයට පැමිණෙන බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල සිටින පුද්ගලයන්ගේ ජංගම දුරකතනවලට ඒ පිළිබඳ කෙටි පණිවුඩ යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා විසින් අදාළ ඉල්ලීම පෙරේදා (07) සිදුකර තිබේ.

වල් අලි දුම්රියේ ගැටීම් නිසා දුම්රිය භාවිත කරන මගීන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට ලක්ව සිටින බවත් මෙමගින් දුම්රිය දේපළවලටද දැඩි අලාභ හානි සිදුවන බවත් දුම්රිය මාර්ගයේ හා මාර්ගය හරහා අලි ගැවසෙන ස්ථාන හා වේලාවන් පිළිබඳ තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ 1971 අංකය වෙත කෙටි පණිවුඩයක් ලබාදෙන ලෙස හඳුනාගත් එම ප්‍රදේශවල පුද්ගලයන්ට දැනුම් දී ඇති බවත් එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

එම වැඩපිළිවෙළ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 1971 දුම්රිය ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන එම පණිවුඩය සියලුම ජංගම දුරකතන පරිශීලකයන්ට ලැබෙන ආකාරයේ කෙටි පණිවුඩ ක්‍රමයක් ක්‍රියාත්මකවීම කාලෝචිත බව නිරීක්ෂණය වී තිබෙන බවද සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිපිය මගින් පෙන්වා දී ඇත.

එහි පළමු අදියර ලෙස දුම්රිය මාර්ගයේ වන අලි ගැවසෙන ස්ථාන පිළිබඳ තොරතුරු දුම්රිය පාලක මැදිරියේ 1971 අංකයට කෙටි පණිවුඩ මගින් දැනුම් දිය හැකි බවට කෙටි පණිවුඩයක් සියලුම ජංගම දුරකතන පාරිභෝගිකයන් වෙත යොමු කරන ලෙසද එම ලිපියෙන් ඉල්ලා සිටියි.

එසේම වල් අලි නිරන්තරයෙන් දුම්රිය මාර්ගවල සැරිසරන අවදානම් ප්‍රදේශවල වෙසෙන ජංගම දුරකතන භාවිත කරන පාරිභෝගිකයන් හට සතියකට වරක් බැගින් මාසයක් පුරාවටත්, මාසයකට වරක් බැගින් වසරක් පුරාවටත් අදාළ කෙටි පණිවුඩය මගින් දැනුවත් කිරීම සිදුකරන ලෙසද ඉල්ලා ඇත.

මීට අමතරව අදාළ අවදානම් සහිත කලාප වෙත ඇතුළු වන සියලුම ජංගම දුරකතන පාරිභෝගිකයන්ට එම කලාපවලට ඇතුළු වූ වහාම දැනුවත් කිරීමේ පණිවුඩය සිදුකරන ලෙසද සාමාන්‍යාධිකාරීවරයා කළ ඉල්ලීමේ සඳහන් ය.

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading

පුවත්

හෝමාගම මාර්ගයකින් තරුණයෙකුගේ මළසිරුරක් හමුවේ

Published

on

By

වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ.

පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය.

මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බව වාර්තා වේ.

පොලීසිය සැකපල කරන්නේ මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඔහුගේ සිරුර රථයකින් රැගෙන විත් මෙම ස්ථානයට දමා යන්නට ඇති බවටය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved