Connect with us

පුවත්

මහියංගණයේ පාසල් දරුවෙක්ට ඒඩ්ස්

Published

on

මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක පාසල් දරුවෙකුට ඒඩ්ස් වැලඳී ඇතැයි තහවුරු වී තිබේ.

බදුල්ල දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරි ජී. ඩබ්.බී.එස් පළිපාන මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, බොහෝ පාසල් සිසුන් පාසල් ‍හෝ උපකාරක පන්තිවලට සහභාගී නොවී අනවශ්‍ය තැන්වලට යන බවය.

“පාසැල් යනවා කියල නැතිනම් උපකාරක පන්ති යනවා කියල සමහර ළමයි ගිහිල්ලා කැලෑවල ඉන්නේ. එහෙම හිටියම මේ ළමයින් හැදෙන ලෙඩ රෝගත් තියෙනවා. 

සොරබොර වැවට ළමයි 15ක් විතර උදේට ගිහින් තිබුණා. අපි මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස වෙනම ගාඩ් එකක් දාලා තියෙන්නේ. 

මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක ළමයෙකු ඒඩ්ස්වලට ගොඳුරුවූ බව ළඟදි අනාවරණය වුණා. 

අවුරුදු 16ට අඩුනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තව කෙනෙක් එක්ක යන්න බැහැ.”

ලෝක චර්ම සෞඛ්‍ය දිනය වෙනුවෙන් රෝහල් කාර්යමණ්ඩල සාමාජිකන් දැනුවත් කිරීම සඳහා ඌව සායනික සංගමය විසින් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මහිංයංගණය ප්‍රදේශයේ බොහෝ පාසල් ළමුන් රූපලාවන්‍යාගාර වෙත යොමුවීම කරදරකාරී තත්ත්වයක් බවය.

“මහියංගණය ප්‍රදේශයේ අපි දකිනවා අද දකින ළමයා නොවෙයි හෙට ඉන්නේ. ගැහැණු ළමයි සුදුවෙලා අමුතුයි’ හිතාගන්න බැරි සුදක් තියෙන්නේ. මහියංගණයේ ඉස්සර එහෙම ළමයි හිටියේ නැහැ. 

රූපලාවන්‍යාගාරවලට ගිහින් ස්වාභාවික ලස්සන නැති කර ගන්නවා. වෛද්‍ය නිර්දේශයක් නැතිව රූපලාවන්‍ය ද්‍රව්‍ය ෆාමසිවලින් හිතුමතේට නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම තුළින් ළමයිගේ හමේ තියෙන පැහැපත්බව නැති කරගන්නවා. 

ළමයි විතරක් නොවෙයි අම්මලාත් සුදුවෙන්න යනවා. මොන හේතුවක් නිසා එහෙම වෙනස්වෙන්න උත්සාහ කරනවා ද දන්නේ නැහැ. ක්‍රීම් වර්ග භාවිතා කරලා සමහර අයගේ මුණවල්වලින් ගන්න දෙයක් නැහැ. විරුපී වෙලා.”

බදුල්ල ශික්ෂණ රෝහලේ චර්ම සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කසුන් ජයසිංහ මහතා විශේෂ දේශනය පවත්වමින් කියා සිටියේ,  වෛද්‍ය නිර්දේශ නොමැතිව භාවිතා කරන ඇතැම් රූපලාවන්‍ය ද්‍රව්‍ය නිසා බොහෝ දෙනෙකු අතුරු ආබාධයන්ට ලක්වන බවය.

මේ අයුරින් බදුල්ල ශික්ෂණ රෝහලේ සායනවලටද පැමිණෙන කාන්තාවන්ගේ වැඩිවීමක් තිබෙන බවද ජයසිංහ මහතා පැවසීය.

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading

පුවත්

හෝමාගම මාර්ගයකින් තරුණයෙකුගේ මළසිරුරක් හමුවේ

Published

on

By

වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ.

පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය.

මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බව වාර්තා වේ.

පොලීසිය සැකපල කරන්නේ මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඔහුගේ සිරුර රථයකින් රැගෙන විත් මෙම ස්ථානයට දමා යන්නට ඇති බවටය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved