Connect with us

පුවත්

නවකවධය ගැන UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Published

on

විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර තිබේ.

එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයාට නියම කරනු ලැබීය.

2020 වසරේ නවකවධය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවක වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළේය.

මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල වැනි සුළු මඩුල්ල නියම කරනු ලැබීය.

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved