Connect with us

පුවත්

බන්ධනාගාර රැඳවියන්ගෙන් පිරී යයි

Published

on

මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් වූවත්, ඒවායේ 33,000ක් මේ වනවිට රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසයි.

කොළඹ අද (09) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියාසිටියේ, දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක්ද මේ වනවිට පවතින බවයි.

බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ,

“බන්ධනාගාර දෙපාර්තමේන්තු 36ක රඳවන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 12,000යි. මේ වන විට 33,000ක් රඳවා සිටිනවා.. 

ඒ නිසා අපේ කාර්යභාරය මහ දැවැන්තයි. 

ඒ වගේම 65%ක් ඉන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි. බන්ධනාගාරගත වෙන එක අවම කරන්න ඕනේ’ එහෙම නැත්තම් මේ රට නරක තත්ත්වයකට වැටෙයි. බන්ධනාගාර නිලධාරීන් සමස්තයක් විදිහට හොඳට වැඩ කරනවා.


අතලොස්සක් කරපු යම් යම් වැරදි නිසා විශ්වාසය පළුදු වෙන්න ඇති. ලංකාවේ ගොඩාක් බන්ධනාගාර තියෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශවල. 

මැගසින් බන්ධනාගාරට එහෙම උඩින් දුරකථන විසි කරනවා. මගේ නිලධාරීන් මහා දැවැන්ත කර්ත්‍යවයක් කරනවා. නිලධාරීන් අඩු වුණත් සමස්තයක් විදිහට හොඳ තත්ත්වය බන්ධනාගාරය දැන් තියෙනවා. දුරකථන ඉතාම සීමිත කරලා තියෙන්නේ. පුළුවන් තරම් පරීක්ෂා කරලා ආරක්ෂාව සහතික කරලා තියෙනවා මේ මොහොත වනවිට”

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved