Connect with us

පුවත්

පානීය ජලය  අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

Published

on

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහල මට්ටමක පවතින බව එම මණ්ඩලය පවසයි.

එමනිසා පානීය ජල සැපයුම සීමා සහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතු වලට සමසේ බෙදාහැරීය යුතු බව දැනුම් දී තිබේ.

එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට ජලය භාවිතා කිරීම අවම කොට අත්‍යවශ්‍ය දෛනික කටයුතු වලට පමණක් භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉතා කරුණාවෙන් ඉල්ලා සිටී.

මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශ වල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදි අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකිය.

කෙසේවුවත් මෙම වියලි හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන දුෂ්කරතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව ප්‍රකාශ කරයි.

විමසීම් – 1939 ඇමතුම් මධ්‍යස්ථානය

පුවත්

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් “රාජාංගණයේ හාමුදුරුවෝ” යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින් අශිෂ්ඨ අසභ්‍ය වචන භාවිතා කර ඇත්නම් ඒවායේ සම්පින්ඩණ වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (09) නියෝග කර ඇත.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනය හමුවේ පෙනී සිට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද සැකකරුට නියෝග කර තිබේ.

Continue Reading

පුවත්

දිවයින පුරා දන්සල් 8355ක්

Published

on

By

ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ.

එමෙන්ම දන්සල් පරික්ෂාව අද (10) දිනය පුරා සිදුකෙරේ.

මේ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 ආසන්න සඛ්‍යාවක් සේවයේ යෙදී සිටි.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

අද (10) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද දැනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved