Connect with us

පුවත්

දියවඩන නිලමේගෙන් CIDය ප්‍රකාශයක් ගනියි!

Published

on

කුරුණෑගල පොතුහැර ප්‍රෙද්ශයේ ඉදි කරගෙන යනු ලබන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් ශ්‍රී  දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන  නිලධාරීන් විසින් අද (12) ප්‍රකාශයක්  ලබාගෙන තිබේ .

මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු දෙනම සහ දියවඩන නිලමේවරයා විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් අදාල ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට කළ ඉල්ලීම පදනම් කරගනිමින් එම ප්‍රකාශය දියවඩන නිළමේවරයාගෙන් ලබාගෙන තිබේ .

කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් දියවඩන නිළමේවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද පැවසේ .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දියවඩන නිලමේවරයා ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව දියවඩන නිළමේවරයා ගෙන් කළ විමසීමකදී තහවුරු කළේය .

එම ව්‍යාජ දළදා මාලිගා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර ව්‍යාජ දළදා මාලිගා සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්, අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නායක හිමියන් සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා දී ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබුණි .

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට කමල් අමරසිංහ

Published

on

By

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කමල් අමරසිංහ මහතා දැනට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබයි.

දැනට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරිවලින් තමා මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ඒ මහතා වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි වහාම ක්‍රියාත්මක වන අයුරින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved