Connect with us

පුවත්

IMF කොන්දේසි නිසා පොර්ට් සිටියේ කෝටි 180 ආයෝජන නවතියි

Published

on

කොළඹ පෝර්ට් සිටි (වරාය නගර) ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය සඳහා කැමැත්ත පළ කළ ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නොහැකිවීම නිසා අමෙරිකානු ඩොලර් කෝටි 180ක පමණ ආයෝජන අහිමිවීමේ තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය විධිමත් කිරීමට නම් බදු සහන දැඩි ලෙස සීමා කළ යුතු බවට කර ඇති අවවාදය නිසා පෝර්ට් සිටි ආයෝජනවලට බදු සහන සැලසීමට නොහැකි වී ඇති බවද පැවසේ.

අදාළ තත්ත්වය හේතුවෙන් පෝර්ට් සිටිය තුළ ජාත්‍යන්තර රෝහලක්, ජාත්‍යන්තර පාසලක්, මුල්‍ය මධ්‍යස්ථාන ආයෝජන රැසක්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ගණනාවක් සඳහා මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂා කළ ජාත්‍යන්තර ආයෝජකයන් වෙනත් රටවල් කරා යොමුවීමේ ප්‍රවණතාවක් පවතින බවද දැනගන්නට තිබේ. සිංගප්පූරුව, ඩුබායි, වියට්නාමය ආදී රටවල් මෙවන් ආයෝජනයන්ට බදු සහන පිරිනමන බැවින් මෙරට ආයෝජන අවස්ථා අහිමිවන ආයෝජකයන් එම රටවල් කරා යොමුවීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

මෙම ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට නව රුකියා අවස්ථා උදාවන අතර ඔවුනට ඩොලර්වලින් වැටුප් ලබාගැනීමේ වරමද හිමි වේ.

මූලාශ්‍රය – දේශය

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved