Connect with us

විදෙස්

පාකිස්තානයේ දැවැන්ත විදුලිය බැඳවැටීමක්

Published

on

පාකිස්තානයේ දැවැන්ත විදුලිය බිඳ වැටීමක් සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳවැටීම සිදුව තිබෙන අතර, කරච්චි, ඉස්ලාමාබාද්, ලාහොර් සහ පේෂාවර් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකටද මෙම බලපා තිබුණි.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා වන කටයුතු ආරම්භ කර ඇති බව පාකිස්ථාන බලධාරීන් සඳහන් කර ඇත.

පාකිස්තානයේ බලශක්ති අමාත්‍ය – කුරාම් දාෂ්ටගීර් පවසා ඇත්තේ ඇතැම් ප්‍රදේශ වල විදුලිබලය යථා තත්ත්වයට පත් කර ඇති බවත්, පැය 12ක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

විදෙස්

නිව්යෝක් සරසවි වලින් විරෝධතාකරුවන් 300ක් අත්අඩංගුවට

Published

on

By

නිව් යෝක් පොලිසිය විසින් එම නගරයේ විශ්ව විද්‍යාල දෙකක සිදුකළ මෙහෙයුම් වලින් විරෝධතාකරුවන් 300ක් පමණ ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. 

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලම්බියා හා සිටි යුනිවර්සිටි ඔෆ් නිව් යෝක් යන විශ්ව විද්‍යාල වලයි.

සාමකාමී විරෝධතාවයකට බාධා කළ පිරිසක් ඉවත් කරන මෙන් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සිදුකළ ඉල්ලීමක් මත මෙම මෙහෙයුම සිදුවූ බව නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් මහතා පවසා ඇත.

ගාසා යුද වාතාවරණය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ඇමෙරිකානු විශ්ව විද්‍යාල වල විරෝධතාවයන් පැවති අතර, ඊශ්‍රායලයට සම්බන්ධ සමාගම් සහ පුද්ගලයන් වර්ජනය කරන ලෙස සිසුසිසුවියන් ඉල්ලා සිටියි.

මෙලෙස පලස්තීනයට සහය දනවන මෙම විරෝධතාකරුවන් හා ප්‍රතිවරෝධී පාර්ශවයේ පිරිස් අතර ගැටුම් වාර්තාවේ.

(මූලාශ්‍රය : බීබීසී)

Continue Reading

පුවත්

වේල්ලක් කැඩී ආ ජලපහරෙන් 50ක් මරුට

Published

on

By

කෙන්යාවේ පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හමුවේ ජලාශ වේල්ලක ඉවුරු කැඩී යාම හේතුවෙන් කෙන්යාවේ පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ

මෙම ඛේදවාචකය වර්තා වන්නේ නයිරෝබි අගනුවරට කි.මී. 60ක් පමණ දුරින් පිහිටි මායි මාහියු නම් ප්‍රදේශයෙනි.

රාත්‍රියේ නිදමින් සිටි ගම්වාසීන් මෙම ජලපහරට ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වේ.

පසුගිය මාසයේදීද කෙන්යාවේ ඇති වූ අධික ගංවතුර තත්ත්වය හමුවේ සියදෙනෙකුට වඩා මියගොස් තිබුණි.

Continue Reading

කලා

ටික්ටොක් ඇමෙරිකාවේ තහනම් වන ලකුණු

Published

on

By

ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට ඉඩකඩ සැලසෙන පනත් කෙටුම්පතකට එරට සෙනෙට් මණ්ඩලයේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

මේ අනුව, ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට තමා සතු කොටස් විකිණීමට මාස 09ක් හිමිවනු ඇති අතර, එම කාලය තුළදී කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් වනු ඇත.

මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු මීට පෙර පවසා තිබුණේ එය තමාට එය ලැබුණු විගසම අත්සන් තබා නීතිගත කරන බවයි.

කෙසේවෙතත්, ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතු වන අතර, චීනය පවසා ඇත්තේ මෙයට විරුද්ධ වන බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ මීට අදාල සමස්ථ ක්‍රියාවලියට වසර කිහිපයක්ම ගතවිය හැකි බවයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved