Connect with us

පුවත්

සරසවි ඇදුරන්ගේ වරප්‍රසාදයක් මුදල් අමාත්‍යංශය කපා දමයි!

Published

on

පස්චාත් උපාධි අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම් සඳහා විදෙස්ගත වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගුවන් ටිකට් පත් ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා මුදල් ලබා දීම මුදල් අමාත්‍යාංශය විසින් නතර කිරීමට කටයුතු යොදා ඇත.

මේ බව මුදල් අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබේ. පවතින අර්බුදකාරී වාතාවරණය මත සියලු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවලටත් අදාළ වන බව ද එම ලිපියේ සඳහන් වෙයි.

වසර හත අඛණ්ඩව සේවය කරන ආචාර්යවරුන් සඳහා සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු හෝ පුහුණු කටයුතු වෙනුවෙන් වසරක නිවාඩුවක් හිමි වන අතර එලෙස නිවාඩු ලබා විදෙස්ගත වන ආචාර්යවරුන්ට ගුවන් ටිකට් පත ඇතුළු පහසුකම් ලබා දෙන බව ඔවුන්ගේ පත්වීම් ලිපියේ ද සඳහන් කර ඇත. 

එසේ තිබිය දී එම පහසුකම් ලබා නොදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි ද ආචාර්යවරුන්ට සප්ත වාර්ෂික නිවාඩු පහසුකම හිමිවන්නේ වැඩ කළ කාලසීමාවකට හෙයින් එම කාලසීමාවකට අදාළ අයිතීන් කපා හැරීමට කිසිදු හැකියාවක් නැති බව විශවිද්‍යාල ආචාර්යවරුන්ගේ මතය වී තිබේ.

මේ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටින්නේ මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගැනීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කළේ නම් සාධනීය තැනකට ඒමට තිබූ බවයි.

විශ්වවිද්‍යාලවලට සලාක ක්‍රමයක් ඇති කිරීම, විදෙස් ගත වන ආචාර්යවරුන්ගේ පොරොත්තු ලේඛනයක් සකස් කර ඒ අනුව මූල්‍ය පහසුකම් ලබා දීම, විශ්වවිද්‍යාල මගින් මේ වන විට උපයන ආදායම්වලින් මෙම මූල්‍ය පහසුකම් ලබා දී පසුව පියවා ගැනීම වැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීමට හොඳට ම ඉඩ තිබූ බවත් සභාපතිවරයා පෙන්වාදෙයි.

මෙම නව තීරණය හේතුවෙන් විශ්වවිද්‍යාල ‘කාන්තාර‘ බවට පත් වීම නොවැළැක්වනු හැකි බවත් මහාචාර්යවරයා අනතුරු අඟවා තිබේ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved