Connect with us

පුවත්

උ/පෙළ අතර විදුලිය කැපීම් ගැන නිලධාරීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි!

Published

on

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට හෙට (25) පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඔවුන්ව මෙසේ කැඳවා ඇත්තේ මේ දින වල පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය අතරතුරදී විදුලි කප්පාදුවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් මානව හිමිකම් කොමිසම විසින් අමාත්‍යංශ ලේකම්වරයාට හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සිදුකළ නියෝගය කඩ කර ඇති බවට නීරික්ෂණය වීමෙන් අනතුරුවයි.

පුවත්

මුදල් හා රන්බඩු කොල්ල කන්න පවුලක්ම මරලා!

Published

on

By

බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.

අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.

ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

රුසියානු තානාපති කාර්යාලයේ වැඩ බැලීමට විදේශ සේවයේ විශ්‍රාමිකයකු යවයි

Published

on

By

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය තවමත් හිස්ව පැවතීම නිසා නව තානාපතිවරයකු පත් කරන තුරු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම තානාපති කාර්යාලයේ වැඩ බැලීමට යැවීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මාධ්‍යට පවසා ඇත්තේ, තානාපතිවරයෙකු නොමැති වීම හුදෙක් කාර්ය පටිපාටියේ පරතරයක් පමණක් බවත්, රුසියාවේ පවතින විශේෂ තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එහි කටයුතු අධීක්‍ෂණය කිරීමට යොමු කරන බවයි.

මෙසේ යවන්නේ විශ්‍රාමික විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයකු බවත්, දැනට තානාපතිවරයකු නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයක් නොවන බවද ඔහු අවධාරණය කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එහි දැනටමත් විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටින බවත්, සිදුවෙමින් පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ඉතා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු යවන්නේ දැනට රුසියාවේ සිටින නිලධාරියා ප්‍රමාණවත් නොවන නිසා නොවන බවද ඔහු කියා සිටී.

මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවත්, සාමාන්‍ය ප්‍රොටෝකෝලය අනුව කටයුතු සිදුවන බවද බාලසූරිය මහතා අවධාරණය කර ඇත.

කෙසේවුවද, රුසියාවට තානාපතිවරයකු පත් කර ඇතත් ඔහු කවුරුන්ද යන්න මාධ්‍යට හෙළි නොකිරීමට ද බාලසූරිය මහතා කටයුතු කර තිබේ.

රුසියානු සමූහ ආණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනිය වන මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මියට සේවා දිග තුනක් ලබාදී තිබුණු අතර, ඇය පසුගිය අප්‍රේල් 29 වැනිදා මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිය සේවය අවසන් කර ඇත.

වර්තමානයේ, රුවිනි කේ. මුනිදාස මහත්මිය තානාපති කාර්යාලයේ භාර නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලබයි.

Continue Reading

පුවත්

ලන්සාට අමුත්තා නිසා ජනපතිගේ රෑ කෑමත් එපා වෙයි

Published

on

By

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම එයට සහභාගි වී නැතැයි වාර්තා වේ.

මේ කමිටුවට බැසිල් පැමිණ ඇත්තේ වජිර අබේවර්ධන මහතාගේ යෝජනාවකට අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධක් අනුවය.

නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම මෙම කැඳවීම පිළිබඳව මුල සිටම වි‍රෝධය දක්වා ඇතැයි පැවසේ.

“මේ වැඩවලට රාජපක්ෂල සම්බන්ධ කරගන්න එපා. අපි එතැන ඉඳලා ආවේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බැරි නිසා.” යනුවෙන් ඔවුන් සිය විරෝධය පල කර තිබේ.

කෙසේ වෙතත් මෙම රැස්වීම ඔවුන් නොමැතිව බැසිල්ගේ සහභාගිත්වය ඇතිව පවත්වා ඇති අතර, එහිදී “රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කැම්පේන් එක කරනව නම් එතැන බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්න ඕනෑ. එතුමා නැතුව කරන්න බැහැ.” යනුවෙන් වජිර අබේවර්ධන මහතා පවසා ඇතැයි වාර්තා වේ.

පැතිර යන ආරංචි අනුව වජිර අබේවර්ධන වෙතින් එවැන්නක් මතුවන විට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “එහෙනම් අපි මෙතුමට කමිටුවේ සභාපතිකම දෙමු.” යැයි යොජනා කළ බවද පැවසේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ එම යෝජනාව උපක්‍රමශීලීව බැහැර කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ඔබතුමා ජනාධිපතිවරණයට එනවා නම් ඒ බව රටට දන්වන දිනය ප්‍රකාශ කරන්නට යැයි කියාය.

මේ අතර, ලන්සා ප්‍රමුඛ පිරිස එදින ජනාධිපතිවරයා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද නොපැමිණි බවටද ආරංචි පැතිර තිබේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved