Connect with us

පුවත්

සජීව ධම්මික හා ආනන්ද පාලිතට ඇප ලැබෙයි

Published

on

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

ඒ අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව පසුගිය 23 වැනිදා කොල්ලුපිටිය පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාස විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට ගත් සාමූහික තීරණය සම්බ්න්ධව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු පසුව වෙනත් ස්ථාවරයක් දැරීම සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා එහි සාමාජිකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවය.

අනතුරුව සැකකරුවන් දෙදෙනාව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් දෙදෙනාව එහිදී අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේ අතර, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබිණි.

එහිදී වැඩබලන කොටුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී උපයෝගීතා කොමිසමමේ සාමාජික ආචාර්ය මොහාන් සමරනායක මහතා විසින් ඔහුව හඳුනාගෙන තිබිණි.

ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ අන්තර්ජාලය හරහාය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved