Connect with us

පුවත්

රේගුවේ ඇත්තෝ පරණ තෙල් මිනිස්සුන්ට කවන ජාවාරමක් හෙළිවෙයි!

Published

on

ජර්මනියේ නිෂ්පාදිත බව පවසමින් රැගෙන ආ කැනෝලා වර්ගයේ කෑම පිසීමට යොදාගන්නා තෙල් ලීටර් 51,600 ක් සඟවා තිබූ තෙල් ගබඩාවක් රිදීගමින් හමුවීමෙන් පසුව රේගුවේ නිලධාරීන්ගේ සහයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ තෙල් විකිණීමේ මහා පරිමාන ජාවාරමක තොරතුරු හෙළිව තිබේ.

රිදිගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද තොරතුරක් මත රිදිගම, පානගමුව, අන්නුර්පුර පිහිටි පොල්තෙල් ගබඩාවක් වටලා මේවා අත්අඩංගුවට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.

පානගමුව, අන්නුර්පුර අංක 130 ඒ දරන ස්ථානය වටලා ඉල්ලියාස් මොහොමඩ් නමැති ව්‍යාපාරිකයකු සමග මෙම තෙල් තොගය භාරයට ගෙන තිබේ. 

තෙල් ගබඩාව තුළ ලීටර් දහය බැගින් වූ කෑන් 5160 ක් තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම තෙල් ගබඩාව භාර ව්‍යාපාරිකයා පවසා ඇත්තේ මෙය සබන් නිෂ්පාදනය සඳහා රැගෙන යෑමට නියමිතව තිබූ බවය.

වරායෙන් මෙම තෙල් කෑන් අඩංගු කන්ටේනර් තුනක් රැගෙන ආ බව මෙම ව්‍යාපාරිකයා පෙන්වා දී ඇතත් කිසිදු පිළිගත හැකි ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව වැටලීම කළ නිලධාරීහු පවසති.

මෙහි තිබූ ලීටර් දහයේ බෝතලයක් රුපියල් නවදහස් නවසිය අනූනවයකට (9,999) මිල කර විදෙස් රටකින්ම ලේබලය ගසා රැගෙන විත් ඇතැයි විමර්ශකයන් පවසයි.

එම තෙල් කෑන්වල ඉහළින් කල් ඉකුත්වන දිනය සඳහන්ව ඇති බව සටහන් කර ඇතත් එහි එවැනි දිනයක් තිබී නොමැත. 

භාණ්ඩ මිලදී ගත් බව සඳහන් බිලක්වත් ව්‍යාපාරිකයා සතුව තිබී නොමැත.

මෙහිදී කෑන්වල තිබූ තෙල් බැරල්වලට එක්රැස් කරමින් බෙදා හැරීමට සූදානම් කර ඇත. 

මෙහි ආනයනකරු හා බෙදාහරින්නා ලෙස සවුත් පැසිෆික් ඒජන්සිස් නමැති ඉහළ බෝමිරිය, කඩුවෙල ලිපිනයක් තෙල් කෑන්වල සටහන් කර තිබූ බව වැටලීම කළ නිලධාරීහු පවසති.

මේ අනුව තෙල් ගබඩාවට මුද්‍රා තබා සාම්පල් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට රම්බඩගල්ල අධිකරණය උපදෙස් ලබා දී ඇත.

මේ සම්බන්ධව ‘අරුණ’ කළ සොයා බැලීමේදී වරාය ආරංචි මාර්ග තහවුරු කළේ රේගු අත්අඩංගුවට ගත් කන්ටේනර් තොගයක් ජනවාරි 20 දා ටෙන්ඩර් කර මුදාහැර ඇති බවයි. 

CDV/TS/2023/01 දරන අංකය යටතේ මෙම ටෙන්ඩර් කැඳවා ඇත.

එහිදී කිලෝග්‍රෑම් 47,265 ක් බරැති කැනෝලා තෙල් කෑන් 5160 ද මුදාහැර ඇත්තේ රුපියල් එක්කෝටි පනස් එක්ලක්ෂ අසූදහසකටය.

ජර්මනියේ නිෂ්පාදිත බව කියන මෙම තෙල් 2023 පෙබරවාරි මාසයට පෙර භාවිතයට ගැනීම සඳහා රජයේ ආහාර පරීක්ෂකවරයා අනුමැතිය දී ඇත්තේ 2022 දෙසැම්බර් 19 වැනිදාය.

මෙහිදී වරායෙන් මුදගත් කැනෝලා තෙල් ලීටරයක මිල වී ඇත්තේ රුපියල් දෙසීය අනූහතරයි ශත දහඅටකටය. (294.18)

රුපියල් නවසිය අනූනවයකට ලීටරයක් මිල සටහන් කර තිබූ මෙම ලීටර් දහයේ කෑන් එකක් රුපියල් හත්දහස් පනහක ලාභයක් උපයාගත්තේ නම් රුපියල් තුන්කෝටි හැටතුන් ලක්ෂ හැත්තෑඅටදහසක් උපයා විශාල ලාභයක් ලැබෙන බව වරාය නිලධාරීහු පවසති.

ඉහළ ලාභයක් අපේක්ෂාවෙන් දූෂිත නිලධාරින්ගේ සහායෙන් මෙම කන්ටේනර් ටෙන්ඩර් කළ දිනයේම සහල් කන්ටේනර් පැන්නීමටද ජාවාරම්කරුවන් උත්සාහ ගෙන තිබූ බවත්, වරාය සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් එය වැළකී ගිය බවත් එම නිලධාරින් පෙන්වා දුන්හ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved